IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


චීන මිසයිල ජපානයට තර්ජනයක්

තායිවානය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරමින්, චීනය ආරම්භ කළ දැවැන්ත යුද අභ්‍යාසය වහා නවත්වන්නැයි ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදා චීනයට දන්වා තිබේ.

චීනය තායිවානය අසල මුහුදේ ආරම්භ කළ දැවැන්ත යුද අභ්‍යාසය අතරතුරේ තායිවානය දෙසට මිසයිල 11 ක් යැවූ බව පැවැසෙයි. එම මිසයිලවලින් මිසයිල 5 ක් ජපානයට අනතුරක් වන ආකාරයට ජපානය අසල මුහුදට පතිත විය. එහෙයින්, චීනය තායිවානයට විරෝධය පළ කරමින් ආරම්භ කළ යුද අභ්‍යාසය තම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බවත් ජපාන වැසියන්ට තර්ජනයක් බවත් ජපන් අග්‍රාමාත්‍යවරයා චීනයට පැහැදිලි කර තිබේ. තායිවානය යනු චීනය අසල ජපානයට පහළින් පිහිටි දූපතකි.

ආසියානු සංචාරයක් ආරම්භ කරමින් ඇමෙරිකන් කතා නායිකා නැන්සි පෙලෝසි පසුගිය දා තායිවානයට පැමිණියාය. ඒ, චීනය දැඩි විරෝධය පළ කරද්දීය. චීනයෙන් වෙන්වූ තායිවානය තමන්ට අයත් යැයි චීනය පවසයි. ඒ, ‘එක් චීනයක්’ යන චීන ප්‍රතිපත්තියට අනුවය. තායිවානය විදෙස් සබඳතා පැවැත්වීම චීනයේ විරෝධයට හේතුවකි.

ඇමෙරිකන් කතා නායිකාව චීනයේ විරෝධයට කන් නොදී තායිවානයට පැමිණීමත් සමඟ චීනය තායිවානයට ආර්ථික සම්බාධක පැනැවූ අතර දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කළේ ඉන් අනතුරුවය.

ඇමෙරිකන් රජයට අනුව, නැන්සි පොලෝසීගේ මෙම ආසියානු සංචාරය පෞද්ගලික එකකි. එහෙයින් ඒ ගැන කලබලවීමක් අවශ්‍ය නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ රජය චීන ජනාධිපති ෂී ජින්පින්ට දන්වා තිබේ. එසේ වුවත්, චීනය පවසා ඇත්තේ ‘එපා කියද්දී’ නැන්සි පොලෝසී තායිවානයට පැමිණීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට පමණක් නොව, තායිවානයට ද දරුණු ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

නැන්සි පොලෝසී, සිය ආසියානු සංචාරය නිමා කරමින් ජපානයට පැමිණියාය. ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදාගෙන් ඇයට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ජපාන අග්‍රාමාත්‍යවරයා නැන්සි පොලෝසී සමඟ උදෑසන ආහාරය ගත්තේය.

(රොයිටර්)



අදහස් (0)

චීන මිසයිල ජපානයට තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site