
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් මැලේසියාව බලා පැමිණියේය.
චීන ජනාධිපතිවරයා මැලේසියාවට පැණෙයේ, වියට්නාමයේ සංචාරයක් අවසන් කරමිණි.
චීන ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය, මැලේසියාවේ සෙපැන්ග් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී, ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ මැල්සියානු අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්‍රහීම් විසිනි.
චීන ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේය.
චීන ජනාධිපති ෂී ජින් පින් වෙනුවෙන් හමුදා උත්තමාචාර පැවැත්වුණු අතර, මැලේසියානු රජු සුල්තාන් ඊබ්‍රහීම් ද එම අවස්ථාවට එක්විය.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd