චීන කොමියුනිස්ට් පක්ෂ රජයේ ඔත්තුකාරියක ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමීප වෙමින්, ඔවුන්ට අනිසි බලපෑම් එල්ල කළ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍යයේ 'එම්.අයි.5' අභ්‍යන්තර බුද්ධි අංශ අනාවරණය කර ඇත.
අත්අඩංගුවට ගත් මෙම කාන්තාව ක්‍රිස්ටීන් චිංග් ලී නමැත්තියයි. නීතීඥවරියක ලෙස කටයුතු කරන මැය ලන්ඩනය කේන්ද්‍රකොටගත් නීති සමාගමක ප්‍රධානියාය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා ලින්ඩ්සි හොයිල්ගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අත්අඩංගුවට ගත් ක්‍රිස්ටීන් චිංග් ලී, චීන කොමියුනිස්ට් පක්ෂ රජය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන කටයුතුවලට ඇඟිලි ගසා ඇති බවය.
එල්ල වන මෙම චෝදනා ලන්ඩන් නුවර චීන තානාපති කාර්යාලය මෙන්ම චීන රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ක්‍රිස්ටීන් චිංග් ලී, බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකයන් සමඟ සම්බන්ධ වී, ඔවුන්ට බලපෑම් කරමින්, චීන රජයට වාසි වන ආකාරයට හොංකොං සම්බන්ධයෙන් තින්දු තීරණ ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මූල්‍ය පරිත්‍යාග පවා සිදු කර ඇතැයි 'එම්.අයි.5' බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇත.
එක් අවස්ථාවක ක්‍රිස්ටීන් චිංග් ලී, විපක්ෂය වන කම්කරු පක්ෂයේ මන්ත්‍රී බැරී ගාඩ්නර්ට ලබා දී ඇති මුදල් ප්‍රමාණය පවුම් 4,20,000 ක් බව ද හෙළි වී තිබේ.
ක්‍රිස්ටීන් චිංග් ලීගේ 'ක්‍රිස්ටින් ලී සමාගම' මන්ත්‍රී බැරී ගාඩ්නර්ට මෙසේ මුදල් පරිත්‍යාග කිරීම ආරම්භ කර ඇත්තේ 2014 වසරේ සිට යැයි ද පැවැසෙයි. ඒ වනවිට කම්කරු පක්ෂ නායකයා ලෙස කටයුතු කළේ ජේම්ස් කොර්බන්ය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
618
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන ඔත්තුකාරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ
වීරවිජේ Saturday, 15 January 2022 11:11 AM
ලංකාවෙත් ඉන්නවා පැනලයන්න හිටිය කාන්තාවක්. ගානියා බැරිස්ටර් කියලා නම වෙනස් කරගෙන...
Sarath JB Rjaguru Monday, 17 January 2022 12:48 PM
ශ්‍රී ලංකාවේ සිදු වූ දේ බ්‍රිතාන්‍යයේ සිදු වේ. ලෝකයට පණිවිඩයක් දෙන්න; චීනයෙන් පරිස්සම් වන්න.