IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චීනය - ඔස්ට්‍රේලියාව සමඟ ආර්ථික සංවාදය නවතා දමයි

චීන ඔස්ට්‍රේලියාව උපායමාර්ගික ආර්ථික සංවාදය යටතේ පැවැති සියලු ක්‍රියාකාරකම් දින නියමයක් නොමැතිව කල් දැමීමට චීනය බ්‍රහස්පතින්දා පියවර ගත්තේ ය.

පසුගිය කාලයේ දී චීනය සහ ඔස්ට්‍රේලියාව අතර සම්බන්ධතා දිගින් දිගටම අර්බුදයට ගිය අතර චීනයේ මෙම තීරණයත් සමඟ එම අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි පැවසේ.

ඔස්ට්‍රේලියාව නව කොරෝනා වයිරසායේ ආරම්භය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ඉල්ලා සිටීම සහ හුවාවි සමාගම එරට තුළ 5ජී ජාලය ස්ථාපිත කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම යනාදිය මුල් කරගනිමින් දෙරට අතර සම්බන්ධතා නරක අතට හැරෙන්නට පටන් ගැනිණි.

වයින් හා ගවමස් වැනි ඔස්ට්‍රේලියානු භාණ්ඩ මත සම්බාධක පැනවීමට ද චීනය පසුගිය වසරේ දී පියවර ගත්තේ ය.

ඔස්ට්‍රේලියාව “සීත යුද්ධ මානසිකත්වයකින්” පසුවන බව මේ අතරවාරයේ දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් චීනයේ “රාජ්‍ය කොමිෂන් සභාවක්” ඉකුත් දා චෝදනා කළේය.

“ඔස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයීය රජයේ ඇතැම් නිලධාරීන් පසුගිය දිනවලදී චීනය සහ ඔස්ට්‍රේලියාව අතර පවතින සාමාන්‍ය සම්බන්ධතා හා හුවමාරු මෙන්ම සහයෝගීතාවට බාධා කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඔවුන් මෙම කටයුතු කර තිබෙන්නේ සීත යුද්ධ මානසිකත්වයෙන් සහ මතවාදී ව” යැයි චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිවේදනනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ආර්ථික සංවාදය අත්හිටුවීමට චීනය ගත් තීරණය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන බවත් එය බලාපොරොත්තු සුන්වීමක් බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ අමාත්‍ය ඩෑන් ටෙහාන් පැවැසීය.

ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡාවලට විවෘත බව ද හෙතෙම කීය.

“චීන-ඔස්ට්‍රේලියා උපායමාර්ගික ආර්ථිකය සංවාදය”, චීනය සමඟ තිබෙන ද්විපාර්ශවීය ආර්ථික සාකච්ඡාවලින් ප්‍රමුඛතම එකක් යැයි ඔස්ට්‍රේලියාව මීට පෙර අවස්ථාවකදී අවධාරණය කර තිබිණි.

මෙම තීරණයට පෙර දෙරට අතර අමාත්‍ය මට්ටමේ සන්නිවේදන කටයුතු නිල නොවන අයුරින් නවතා දැමීමට චීනය පියවර ගෙන තිබිණි.

චීනයේ මෙම ක්‍රියාමාර්ගය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇවිරීමක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු-චීන සම්බන්ධතා ආයතනයේ අධ්‍යක්ෂ ජේම්ස් ලෝරන්ස් පැවැසීය.

රොයිටර්



අදහස් (0)

චීනය - ඔස්ට්‍රේලියාව සමඟ ආර්ථික සංවාදය නවතා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 21 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site