IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චීන ජනපති වියට්නාමයේ

එකිනෙකාට තීරු බදු පනවා ගනිමින්, ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, චීන ජනාධිපති ෂී ජින්පින්, ඇමෙරිකාවේ තීරු බදුවලට විරුද්ධ වෙන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, ආසියානු සංචාරයක් ආරම්භ කළේය.

චීන ජනාධිපතිවරයාගේ පළමු නැවතුම වූයේ වියට්නාමයයි. වියට්නාමය ඇමෙරිකාවේ සමීප මිතුරකු වුවත්, ට්‍රම්ප් වියට්නාමයට ද තීරු බදු පනවා ඇත.

ට්‍රම්ප්ගේ ප්‍රති තීරු බදු සම්බන්ධයෙන් විරුද්ධ වන ලෙසත්, නිදහස් වෙළෙඳ ගිවිසුම් පවත්වාගෙන යෑමට පියවර ගන්නා ලෙසත් චීන ජනාධිපතිවරයා වියට්නාම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

කලාපීය වශයෙන් කලාපීය රටවල් අතරේ එකමුතුවක් අවශ්‍ය බව ද චීන ජනාධිපතිවරයා වියට්නාම අග්‍රාමාත්‍ය පහාම් මින්හ් චිං හමුවේ පැහැදිලි කළේය.

වියට්නාමයේ හැනොයි අගනුවරට පැමිණි චීන ජනාධිපතිවරයා පිළිගැනීම සිදුවූයේ ආචාර වෙඩි මුර 21 ක් ද සමඟ හමුදා උත්තමාචාර මැදය.

චීන වියට්නාම සබඳතා සැමවිටම ශක්තියක් බවත්, තමන්ගේ ආසියානු සංචාරයේදී තමන් පළමුවෙන් වියට්නාමය තෝරා ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි වන්නේ, චීන වියට්නාම සබඳතා තවත් ශක්තිමත් වීම යැයි ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

චීන ජනපති වියට්නාමයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 789 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site