IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


චීන කෘෂිකර්ම ඇමතිට අත්හිටවූ මරණ දඩුවමක්

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත, චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැංග් රෙන්ජියන්ට මරණ දඬුවම නියම විය. කෙසේ නමුත්, තමා කළ අපරාධ පිළිබඳ පාපොච්චාරණය කිරීම නිසා, චීන මහජන අධිකරණය ඔහුගේ මරණ දඬුවම, වසර දෙකකට අත්හිටුවීමට තීරණය කළේය.

2007 වසරේ සිට 2024 වසර දක්වා විවිධ තනතුරු දරමින් ටැංග් රෙන්ජියන්, යුවාන් මිලියන 268කට (අමෙරිකානු ඩොලර් මිලියන 37.6) වැඩි මුදලක් සහ දේපළ ඇතුළුව අල්ලස් ලබා ගෙන ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇත.

මෙම කරුණු පිළිබඳව දූෂණ විරෝධී නිරීක්ෂණ ආයතනය විසින් විමර්ශනයට ලක් කර ඔහු තනතුරෙන් ඉවත් කිරීමෙන් මාස හයකට පසු, 2024 නොවැම්බර් මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ටැංග් රෙන්ජියන් නෙරපා දමනු ලැබුණි. 

කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා ලෙස නම් කිරීමට ටැංග් රෙන්ජියන්, 2017 සිට 2020 දක්වා බටහිර ගන්සු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් ද කටයුතු කර ඇති බව වාර්තා වේ.



අදහස් (0)

චීන කෘෂිකර්ම ඇමතිට අත්හිටවූ මරණ දඩුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1495 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1332 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site