IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


චීනය ලොව ලොකුම වේල්ල ඉදි කිරීම අරඹයි

චීනය, ටිබෙටයේ යාර්ලුං සාංපෝ ගංගාව හරහා දැවැන්ත වේල්ලක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇත. වාර්තා වන අන්දමට ඉදි කිරීම් අවසන් වූ පසු විදුලිය උත්පාදනය සඳහා ඉදි කළ ලොව විශාලතම වේල්ල වනු ඇත්තේ මෙයයි.

යාර්ලුං සාංපෝ ගංගාව ගලා බසින්නේ හිමාල කඳු පාමුලින්ය. මෙම මහා ගංගාව ඉන්දියාව හරහාත් බංග්ලාදේශය හරහාත් ගලා බසී. ගංගාව ඉන්දියානුවන් හඳුන්වන්නේ බ්‍රහ්මපුත්‍ර නමිනි. බංග්ලාදේශ වැසියන්ට එය ජමුනා වෙයි.

චින ෂින්හුවා පුවත් සේවයට අනුව, චීන අග්‍රාමාත්‍ය ලී චියැං විසින් වේල්ල ඉදි කිරීම සඳහා මුල්ගල තැබීය. මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වූයේ ටිබෙටයේ නින්චි නගරයේය. මෙම දැවැන්ත වේල්ල ඉදි කිරීමට චීන රජය සැලසුම් කර තිබුණේ දශක ගණනාවක සිටය. ඒ සඳහා අනුමැතිය ලැබීම සිදුවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේය.

මේල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය යුවාන් ට්‍රිලියන 1.2 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 167.1 ක්) වනු ඇතැයි ද පැවැසෙයි. චීනය ඉදි කරන මෙම වේල්ල සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින තමන් ඒ ගැන කනස්සල්ල පළ කළ බව ඉන්දියාව පවසා ඇත. මෙම වේල්ල ඉදිකිරීම ඉන්දියාවත් චීනයත් අතරේ, බ්‍රහ්මපුත්‍ර ගංගාව මුල්කොට ගනිමින්, ජල අර්බුදයක් නිර්මාණය කිරීමට හේතුවිය හැකි යැයි ඉන්දීය රජය පෙන්වා දී ඇත. මේ වනවිට ඉන්දියාවත් චීනයත් අතරේ දේශසීමා අර්බුදයක් පවතී.



අදහස් (0)

චීනය ලොව ලොකුම වේල්ල ඉදි කිරීම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 447 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16908 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 665 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site