
ජනතා විරෝධය හේතුවෙන්, ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමට චීන රජය පියවර ගැනීමත් සමඟ එරට ‘කොවිඞ් 19’ වසංගතය උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් චීන සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ, චීන ජනගහනයෙන් සියයට 60 කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වනු ඇති බවත්, මිලියනයක් පමණ දෙනා වයිරසය හේතුවෙන් මිය යනු ඇති බවත්ය.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසන් වෙද්දීය. චීනයෙන් ආරම්භ වුණු වයිරසය ගෝලීය වසංගතයක් බවට පත් වූයේ 2020 දීය.
2021 වසර අවසන් වනවිට සාර්ථක එන්නත්කරණයකින් වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට හැකිවුණු අතර, ‘කොවිඞ් 19’ වයිරසයේ සැර බාල වීමක් ද සිදුවිය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් තව දුරටත් බියක් ඇති කරගත යුතු නැති බවය. කෙසේ නමුත් තවමත් ඒ බව නිල වශයෙන් නිවේදනය කර නැත.
චීනය එරට ජනතාවට ලබා දුන්නේ දේශීය වශයෙන් නිපදවූ ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ය. කෙසේ නමුත් ඒවා බටහිර රටවල එන්නත් තරම් සාර්ථක නොවිණි. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව, චීන රජය ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට පටන් ගත්තේ ආසාදිතයන් සිටී නම්, නගර සහ පළාත් මුළුමනින්ම ලොක්ඩවුන් කරමිණි.
එසේ දින ගණන් ලොක්ඩවුන් කිරීම චීන වැසියන්ගේ දෛනික කටයුතුවලට බාධාවක් විය. චීන වැසියන් එරට පාලක කොමියුනිස්ට් පක්ෂ රජයට එරෙහි විරෝධතා පවත්වන්න වූයේ ඒ නිසාය. රට පුරා විරෝධතා උත්සන්න වෙද්දී, සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජය තීරණය කළේය. වයිරස ආසාදිතයන් ඉහවහා යෑම සිදුවූයේ ඉන්පසුවය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීනයේ ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය දරුණුයි