IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චීනය - ඇමෙරිකාව වෙළඳ ගිවිසුමට අත්සන් තබයි

චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳ ගිවිසුමේ පළමු අදියරට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උපඅගමැති ලියූ හී යන මහත්වරු ධවල මන්දිරයේදී අත්සන් තැබූහ.

චීනය විසින්  ඇමෙරිකානු ගොවිපළ නිෂ්පාදන සහ අනෙකුත් භාණ්ඩ ඇතුළු සේවා මිලදී ගැනීම ඉහළ නැංවීම මේ යටතේ සිදුවන බව අමෙරිකාව පැවසීය.

මෙම වසරේදී සහ ලබන වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 200 කින් එය ඉහළ නැංවේ.

බුද්ධිමය දේපළ පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ද මෙම ගිවිසුම යටතේ අවධානය යොමු කරනු ඇත.

මීට පෙර චීනය සමඟ එළඹියේ නැති වැදගත් පියවරකට අමෙරිකාව එළඹුණු බව ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපතිවරයා පැවසීය.

ගිවිසුම ඇමෙරිකානු සේවකයින්ට සහ ගොවීන්ට ආර්ථීක වශයෙන් යුක්තිය ඉටුවන මගක් බව ඔහු සඳහන් කළේය.

දෙරට අතර පවතින විශමතා පුළුල් දැක්මක් ඔස්සේ විසඳා ගත යුතු යැයි චීන උපඅගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

 (එන්.එච්.කේ. ඇසුරෙනි)
 
-226-



අදහස් (0)

චීනය - ඇමෙරිකාව වෙළඳ ගිවිසුමට අත්සන් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site