IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


චීනයෙන් දැඩි විරෝධයක්

එක්සත් රාජධානිය හොංකොං සම්බන්ධයෙන් නිකුත් කළ සයමස් වාර්තාවට චීනයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

බ්‍රිතාන්‍ය හොංකොං සම්බන්ධයෙන් නිකුත් කරන ලද සයමස් වාර්තාවක් බවත් එය එරට අභ්‍යන්තර කටයුතුවලට කරන ලද අනවශ්‍ය ඇඟිලි ගැසීමක් යැයි ද චීනය අවධාරණය කරයි.

හොංකොං යනු බ්‍රිතාන්‍යයේ කොලනියක්ව පැවැති ප්‍රදේශයකි. චීනයේ ක්‍රියාකාරකම් හොංකොං හි ඉහළ ස්වයං පාලනය උල්ලංඝණයක් කිරීමක් බවත් ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන හොංකොං හා නිදහස දැඩි ලෙස සීමා කිරීමක් බවත් බ්‍රිතාන්‍ය පෙන්වා දී ඇත.

චීනය සිය නව ජාතික ආරක්ෂක නීතිය භාවිත කරමින් හොංකොංහි මර්දනයක් ක්‍රියාත්මක කර ඇතැයි බ්‍රිතාන්‍ය සඳහන් කරයි.

චීනය ජාතික ආරක්ෂක නීතිය භාවිත කිරීමෙන් ‌හොංකොං සම්බන්ධයෙන් වන ඔවුන්ගේ වන නිත්‍යනුකූල බැඳීම උල්ලංඝණය කර ඇතැයි ද බ්‍රිතාන්‍ය කියයි.

“එක්සත් රාජධානියට හොංකොං දිවයින අධීක්ෂණය කිරීමට කිසිදු පරමාධිපත්‍ය හෝ අධිකරණ බලයක් නැහැ. ඔවුන්ට එවැනි හිමිකමක් නැහැ. චීන රජය හොංකො පාලනය කරන්නේ චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ හොංකො විශේෂ පරිපාලන ප්‍රදේශයේ මූලික නීතියට අනුවයි. අපි හොංකොං පාලනය කරන්නේ චීන-බ්‍රිතාන්‍ය හවුල් ප්‍රකාශයට අනුව නෙවෙයි. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න කිසිදු විදේශයකට අවසරයක් නැහැ. එහෙම මැදිහත් වෙන්න මේ හවුල් ප්‍රකාශය නිදහසට කරුණක් ලෙස භාවිත කරන්නත් බැහැ” යැයි එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

මෙම සයමස් වාර්තාව පසුගිය වසරේ (2020) ජූනි මස සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සලකා බලයි.

චීනය මෙම ජාතික ආරක්ෂක නීතිය හඳුන්වා දුන්නේ පසුගිය වසරේ දීය. චීනය මෙම නීතිය යොදාගනිමින් දේශපාලන විරෝධතා මැඩ පැවැත්වීමට පියවර ගත් බවත් විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කළ බවත් බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් පැවැසීය.

ඒ.එන්.අයි.



අදහස් (1)

චීනයෙන් දැඩි විරෝධයක්

නිමල් Saturday, 26 June 2021 02:44 PM

ස්වාධීන රාජ්‍යවලට හොට දැමීම එංගලන්ත සුද්දන්ගේ උපන් ගෙයි පුරුද්දක් ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site