IMG-LOGO

චෙක් ජනරජයේ දේශපාලන අර්බුදයක්

අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස්

ජනාධිපති මයිලෝස් සීමන්

අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස් පරාජයට පත් වීමත්, ජනපති ධුරයේ කටයුතු කරන මයිලෝස් සීමන් හදිසියේ රෝගී වී රෝහල්ගත කිරීමත් සමඟ 'චෙක් ජනරජයේ' දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 'චෙක් ජනරජය' (චෙච්නියාව) යනු යුරෝපා රටකි.

චෙක් ජනරජය අතීතයේ හැඳින්වූයේ බොහීමියාව යන නමිනි. එරට මහ මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්විණි. ඇන්රේච් බබීස් මැතිවරණයට ඉදිරිපත් වූයේ යළිත් වරක් ජනවරමක් අපේක්ෂාවෙනි. අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස් ප්‍රකෝටිපතියෙකි.

පසුගිය දා පැන්ඩෝරා අනාවරණයට මොහුගේ ද නම ඇතුළත් විය. ඒ, බබීස් පවුම් මිලියන 12 ක මුදලක් ගෙවා දකුණු දිග ප්‍රංශයෙන් මන්දිර දෙකක් මිලදී ගෙන ඇති බවටය. එම අනාවරණය සිදුවූයේ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදීය. එම අවස්ථාවේදී ද බොහෝ දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කළේ පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය බබීස් ට අවාසි වනු ඇතැයි කියාය. එය එසේ සිදුවුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මහ මැතිවරණයකින් පසු අග්‍රාමාත්‍යවරයා නම් කරන්නේ ජනාධිපතිවරයාය. මැතිවරණ පරාජයත් සමඟ ඇන්රේච් බබීස් හමුවීමට ජනාධිපති මයිලෝස් සීමන් ගිය බවත්, එම හමුවේ දී, 77 හැවිරිදි ජනාධිපතිවරයා සිහිසුන්ව ඇද වැටුණු බවත්, ඔහු රෝහල්ගත කරද්දී සිහිසුන් තත්ත්වයෙන් පසුවුණු බවත් මාධ්‍ය වාර්තා පවසයි.

ජනාධිපතිවරයා ඇතුළත් කෙරුණේ ප්‍රාග් නුවර 'මිරොස්ලාව්' හමුදා රෝහලටය. රෝහල් ප්‍රධානියා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, කාලයක සිට අක්මා රෝගී තත්ත්වයකින් පසුවුණු බවත්, හිටිහැටියේ එම රෝගී තත්ත්වය උත්සන්න වූ බැවින් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්ය. ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සියලු විස්තර ඉදිරි දින කිහිපය ඇතුළත දැනුම් දෙන බවට රෝහල් ප්‍රධානියා පොරොන්දු විය.

චෙක් ජනරජයේ ව්‍යවස්ථාවට අනුව, මහ මැතිවරණයකින් පසු අග්‍රාමාතරයකු නම් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගන්නා පක්ෂය හෝ සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. ජනාධිපතිවරයා නොමැති නම්, අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සකු නම් කිරීමේ කටයුත්ත පැවැරෙන්නේ පාර්ලිමේන්තු කතානායකවරයාටය.

බබිස්ගේ මධ්‍යස්ථමතධාරී 'ඒනෝ' පක්ෂය පරාජය කිරීමට සමත් වූයේ මධ්‍යස්ථ සහ දක්ෂිණාංශික මතධාරී 'එකමුතුව' දේශපාලන සන්ධානයයි. මහ මැතිවරණය පැවැත්වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 200 වෙනුවෙනි. 'එකමුතුව' දේශපාලන සන්ධානය දිනූ ආසන ගණන 108 කි. ඒ අනුව නව රජයක් පිහිටුවීමට ඔවුන්ට හැකියාව ලැබි තිබේ.‍

(රොයිටර්)



අදහස් (0)

චෙක් ජනරජයේ දේශපාලන අර්බුදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 345 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site