
අන්තර් ජාලයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, තරඟකාරී සෙසු සමාගම්වලට ඉඩක් ලබා නොදීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම ඇමෙරිකන් අධිකරණයක් හමුවේ වරදකරු විය.
තනි සමාගමකට ඒකාධිකාරිත්වයක් පවත්වාගෙන යෑමට නොහැකි බවත්, නීතියට ඉහළින් යා නොහැකි බවත්, සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, ඇමෙරිකන් දිස්ත්‍රික් විනිසුරු අමිතී මෙහ්තා පෙන්වා දුන්නේය.
ගූගල් සමාගම, ඒකාධිකාරයක් පවත්වා ගෙන යන බවට චෝදනා කරමින් ඊට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුවය. ඒ, 2020 වසරේදීය.
COMMENTS
ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව කවදාවත් මෙහෙම දෙයක් කරලවත් නැහැ කරන එකකුත් නැහැ. ඒ නිසා තමයි ලංකාවට නව ලිබරල් ආර්ථික උපාය මාර්ග හෙවත් සියයට සියයක් පෞද්ගලිකකරණ සුදුසු නැත්තේ.