
දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය දක්වා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක රෝදය සහිත කොටසේ සැඟවී ආ අනවසර සංක්‍රමණිකයකු ගැන අත්අඩංගුවට ගැනීමේ පුවතක් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
යානය, භාණ්ඩ පටවා ගනිමින් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණ තිබේ. ඒ සඳහා ගත වී ඇති කාලය පැය 11 කි.
අතරමඟදී යානය කෙන්යාවේ නයිරෝබි නුවරට ගොඩබා ඇත්තේ ද භාණ්ඩ බෑම සහ පටවා ගැනීම සදහාය.
පැය 11 ක් වැනි දිගු කාලයක් ගුවන් යානයක රෝදය සහිත කොටසේ කෙනෙකුට යෑම ඉතාමත් අසීරුය. එය මරු කැඳවන්නකි.
ඊට හේතුව, ගුවන් යානය ඉහළින් පියාසර කරද්දී ඇතිවන දැඩි සීතල සහ ඔක්සිජන් නොමැතිවීම හේතුවෙනි.
මෙම පුද්ගලයාගේ අනන්‍යතාව, වයස හෝ ඔහු කුමන රටක වැසියකු ද යන්න හෝ මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නැත.
නෙදර්ලන්ත පොලිසිය ඇම්ස්ටර්ඩෑම් ෂිපෝල් ගුවන් තොටුපොළේ දී එම තැනැත්තා අත්අඩංගුවට ගෙන රැදවුම් බාරයට පත් කළ බව පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම වාසනාවකට බේරී තිබෙනවා, වීරයෙක් බවයි මගේ හැගීම.
මේ වගේ මනුස්සයෙක්ව හිරේ දානවා නම් ඒ රටේ මොන මානව හිමිකම්ද ?
මේ මනුස්සයාට මෙහෙම එන්න ලොකු හේතුවක් ඇති. අපිටවුණත් ඉස්සරහට වෙන්නේ මේක තමයි.
රඳවා ගන්න අත්අඩංගුවට ගන්න නෙවේ.., මේ මනුස්සයාට ගිනස් රෙකෝඩ් එකක් දෙන්න ඕනෑ...
නෙදර්ලන්තය හොඳ මිනිස්සු ගොඩක් ඉන්න හොඳ රටක්... යුක්තිය ඉටුවනු ඇත..!