
ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන් පදිංචි කරවීම සඳහා සෞදි අරාබියේ ඉඩම් ලබා දිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. මෙය සෞදි රජයේ දැඩි විරෝධයට හේතුවක් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින්, සෞදි විදෙස් අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ගාසා පලස්තීනුවන්ට අමු අමුවේ ඝාතනය කරන යුද අපරාධකරුවකු ලෙස සැලෙකන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පලස්තීනුවන්ගේ ජීවත් වීමට ඇති අයිතිය උදුරා ගැනීමට උත්සාහ ගන්නා බවය.
ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ගැටුමකින් තොරව ජීවත් වීමට අසල්වැසි රටකින් ඉඩම් ලබා දීමට තමන් කටයුතු කරන බවත්, ගාසා තීරය ඇමෙරිකාවට පවරා ගනිමින්, එය සංවර්ධනය කරන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ සාකච්ඡා පසුගිය සතියේ පැවැත්විණි. ඒ නෙදන්යාහු වෙෂින්ටන් අගනුර ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවුණු අවස්ථාවේදීය.
COMMENTS
හිතේ ආසාව නැති වෙනකම් මිනිසුන් මැරුවානේ. දැන් මොකටද කාගෙවත් රටකින් ඉඩම් ඉල්ලන්නෙ. ඉතුරු කට්ටිය ජිවත් කරවන්න. තමන්ගෙ රටට ගත්තානම් ඉවරනේ. කිසි කෙනෙක් කැමති නැහැ ඔයවගෙ මෝඩතීරන වලට. ට්‍රම්ප්ගෙයි ඔයාගෙයි බලය වැඩි වුනාට මිනිස්සු කොන්ද නමන්නෙ නැහැ .බලය මුදල් ඒවා වැඩක් නැහැ. නිර්භීතකම වටින්නෙ. ඔය දෙන්නාගෙ වයස 80 ක් ඇතිනේ. තව කොයිතරම් කාලයක් ජිවත් වෙනවා කියලාද හිතන් ඉන්නෙ. වැඩිම වුනොත් තව අවුරුදු . 5-6 ක් ඉදියි. අඩුම ගානේ දැන්වත් හිතන්න කරපු පවක තරම. මැරුනම මොන ලෝකෙට යයිද. ඒ මිනිස්සු එයාලට පුරුදු විදියට ජිවත් වෙයි. පාඩුවෙ ඉන්න දෙන්න. ඔයතරම් කැමතිනම් උද්ව් කරන්න. එන්න ලන්කාවට. අපේ තරුන නායකයට. අත දෙන්න නාකී නඩේ. රට වලපල්කට යවලා. දැන් කියනවා ජනතාව දුක් විදිනවා කියලා.
කවුරුහරි පසු බසින්න ඕන, එක්කෝ ඉස්රායලය එක්කෝ ගාසා තීරයේ ඉන්න පිරිස. නැතිනම් ඕක විසඳන්න කිසිම ක්‍රමයක් නැහැ, තව අවුරුදු දාහක් ගියත් උන් මරා ගනීවි