
ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට දිගින් දිගටම උනන්දුවක් දක්වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ්, ග්‍රීන්ලන්තයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙනවා යැයි ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එගේඩේ චෝදනා නගයි.
ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත්, ස්වයං පාලන ප්‍රදේශයකි. ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට සූදානම් වන්නේ ග්‍රීන්ලන්තය, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය බව පෙන්වා දෙමිනි.
ධවල මන්දිරය පසුගිය දා නිවේදනය කළේ ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස්ගේ බිරිඳ ඌෂා වැන්ස් ඇමෙරිකන් නියෝජිතයන් පිරිසක් සමඟ ග්‍රීන්ලන්තයේ විශේෂ නිල සංචාරයකට සහභාගී වීමට නියමිත බවය. ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එගේඩේ මෙම සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.