IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ගාසා වැසියෝ 29 ක් කුසගින්නේ මියගිහින්

ගාසා තීරයේ පලස්තීනුවන් 29 දෙනකු කුසගින්නේ මියගිය බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. මියගිය 29 දෙනා අතර සිටින්නේ කුඩා දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන්ය.

මෙම මරණ සිදුවී ඇත්තේ ඉකුත් දින කිහිපය ඇතුළතදී යැයි ද පැවැසෙයි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අසරණ වූ ගාසා පලස්තීන වැසියන්ට ආහාර ලබා දීම ඊශ්‍රායලය විසින් අවහිර කරනු ලැබ තිබෙන්නේ සති ගණනක් තිස්සේය.

ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය සහ හමාස් සටන්කාමීන් අතරේ පැවැති සාකච්ඡා බිඳ වැටීමත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට දිගින් දිගටම දරුණු ලෙස ප්‍රහාර එල්ල කරයි.

ආහාර පමණක් නොව අවශ්‍ය ඖෂධ පවා පලස්තීන වැසියන්ට ලැබෙන්නේ නැත. පලස්තීනයේ ක්‍රියාත්මක, විදෙස් ආධාරවලින් පවා පිහිටුවනු ලැබ තිබුණු රෝහල් සියල්ල මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් විනාශ වී අවසන්ය.

ආහාර නොමැතිව, කුසගින්නේ සිටින පලස්තීන දරුවන්ගෙන් තවත් දරුවන් 14,000 ක් මරණ මංචකය අබියස සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම කළ ඉල්ලීමට අනුව, ගාසා පලස්තීනුවන්ට ආහාර ලබා දීමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ නමුත්, ආධාර බෙදා දීමක් සිදුවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ගාසා වැසියෝ 29 ක් කුසගින්නේ මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site