IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ගාසා මානුෂීය පදනමේ ප්‍රධානියා ධුරයෙන් ඉවතට

ඇමෙරිකාවේ අනුග්‍රහය ලබන ගාසා මානුෂීය පදනමේ ප්‍රධානී ජේක් වුඩ් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත. ඒ, තම ගාසා මානුෂීය පදනම සංවිධානයට, ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම බැට කා අසරණ වී, කුසගින්නේ මරණ මංචකයේ සිටින පලස්තීනුවන් වෙනුවෙන් කිසිවක් කරගත නොහැකි බව පෙන්වා දෙමිනි.

ගාසා මානුෂීය පදනම පිහිටා ඇත්තේ, ජිනීවා නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ගාසා පලස්තීන වැසියන් කුසගින්නේ මියයද්දී, ගතවුණු දින 90 ක කාලයේ එම වැසියන්ට ආහාර බෙදා හැරීමට තමන් සහ තම කණ්ඩායම දැඩි ලෙස උත්සාහ ගත් නමුත්, එම උත්සාහය අසාර්ථක වූ බැවින් තමන්ට තව දුරටත් රාජකාරි කයුතු කරගෙන යෑමට නොහැකි බවත් ජේක් වුඩ් පැහැදිලි කර ඇත.

ගාසා තීරයට දිගටම ආහාර සැපයීම සිදුකරන ලෙසත්, වෙනත් මානුෂීය ආධාර ද නොකඩවා ගාසා වැසියන්ට ලබා දීමට පියවර ගන්නා ලෙසත්, තනතුරෙන් ඉවත් වෙමින් ජේක් වුඩ් පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ගාසා මානුෂීය පදනමේ ප්‍රධානියා ධුරයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site