
දකුණුදිග ගාසා තීරයේ පලස්තීන වැසියෝ ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වන බව වාර්තා වේ.
‘හමාස් එපා’ යැයි කියමින් දහස් ගණනක් පලස්තීන මුස්ලිම් වැසියන් මෙම විරෝධතා සඳහා එක් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විරෝධතාවල දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත.
හමාස් සංවිධානය හේතුවෙන් තමන් උන්හිටිතැන් අහිමිවුණු බවත්, තම ආදරණීයයන් අහිමි වුණු බවටත් විරෝධතාවට එක්වූවෝ චෝදනා නැගූහ.
හමාස් සංවිධානය ආරම්භ වී මේ වනවිට වසර 37 ක් ගත වී ඇත. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. හමාස් දේශපාලන අංශය ගාසා තීරයේ බලයට පත් වූයේ 2007 වසරේ දී ගාසා පලස්තීන වැසියන්ගේ ඡන්දයෙනි.
2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහර දුන්නේය. එම ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලට පෙරළා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි.
එම ප්‍රහාර හේතුවෙන් මේවනවිට ගාසා තීරයේ පලස්තීනුවන් 53,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
462
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගාසා තීරයේ හමාස් විරෝධතා