ඉන්දියාව පළමු වරට දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තමන් ගැනීමට බලාපොරොත්තු වන පියවර සම්බන්ධයෙන් ඉකුත් දා ලෝක ප්‍රජාව දැනුවත් කළේ ය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නොවැම්බර් 1 වැනිදා එක්සත් දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඇමතීය.
ඉන්දියාව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග ගැන මෙන්ම ඉන්දියාවේ අනාගත ඉලක්ක සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා ලෝක ප්‍රජාව දැනුවත් කළේ ය.
මේ සම්බන්ධයෙන් ඉන් දිනකට පසුව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංගලා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය.
“දිනයේ සුවිශේෂීම සිද්ධිය වූයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය යි. එය වැදගත් ප්‍රකාශයක්. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ගෝලීය ක්‍රියාමාර්ගයට ඉන්දියාව මෙමඟින් විශාල දායකත්වයක් සපයනවා” යැයි ඉන්දීය විදේශ ලේකම්වරයා ඉකුත් දා කීය.
“අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේදී ඉන්දියාව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පමණක් නොව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග අනාගත ඉලක්ක සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කළා” යැයි හෙතෙම කීවේ ය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී ඉන්දියාව වසර 2070 වනවිට කාබන් වායු විමෝචනය ශූන්‍ය අගයකට ගෙන බව පැවැසීය.
ඉන්දියාව වසර 2030 වනවිට සිය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 50ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබාගන්නා බවත් ෆොසිල නොවන බලශක්ති ධාරිතාව ගිගාවොට් 500ක් දක්වා වැඩි කරන බවත් ඉන්දීය අගමැති මෝදි සිය කතාවේදී කීය.
ප්‍රංශයේ පැරිස් නුවර දී පොරොන්දු සහ එකඟ වූ ඉලක්කවලට අනුව කටයුතු කරන එකම රට ඉන්දියාව යැයි ද අගමැති මෝදී සමුළුවේදී පැවැසීය.
(ඒ.එන්.අයි.)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගන්නා පියවර ලෝකයාට කියයි