
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය රජ පවුලට ඉතාමත් හිතවත් සාමාජිකයන් අතරින් කැපී පෙනෙන තැනැත්තිය කේට් කුමරිය යැයි චාල්ස් රජු පෙන්වා දී තිබේ. කේට් කුමරිය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇත්තේ, රජ පවුලේ සාමාජිකයන් අතර, කැපී පෙනෙන සාමාජිකාව යැයි තෙවැනි චාල්ස් රජු තමන් නම් කිරීම තමන්ට ලොකු ගෞරවයක් බවය.
තෙවැනි චාල්ස් රජු මෙන්ම, කේට් කුමරිය ද පිළිකා රෝගීන් බව හඳුනාගෙන ඇත. ඔවුන් දෙදෙනාම මේ වනවිට රාජකීය කටයුතුවලින් ඈත් වී ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd