IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෘත්‍රිම බුද්ධියට එරෙහි නඩුවෙන් අනිල් කපූර්ට ජය

කෘත්‍රිම බුද්ධි පරිගණක මෘදුකාංගවලට එරෙහිව පැවැරූ නඩුවෙන් ජය ගැනීමට ජනප්‍රිය ඉන්දීය නළු අනිල් කපූර් සමත් විය.

ජනප්‍රිය මෙන්ම සම්මානනීය බොලිවුඩ් නළු අනිල් කපූර් නඩු පැවැරුවේ, සිය රූපය කෘත්‍රිම බුද්ධි මෘදුකාංග ඇසුරින් සැබෑ ආකාරයට නිර්මාණය කර ජනප්‍රිය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

කෘත්‍රිම බුද්ධි මෘදුකාංග වැඩසටහන් සම්බන්ධයෙන් අධිකරණයක් මේ අයුරින් තීන්දුවක් ලබා දුන්නේ පළමු අවස්ථාව වන්නේ මෙය යැයි ද ඉන්දීය මාධ්‍යශ වාර්තා කර තිබේ.
චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක රඟපා ඇති අනිල් කපූර් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන්, දිල්ලි මහාධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබුණි. අනිල් කපූර්ගේ රූපය පමණක් නොව, කටහඬ සහ රංගන හැකියාව ද කෘත්‍රිම බුද්ධි මෘදුකාංග ඇසුරින් නිර්මාණය කර තිබීම නඩු පැවැරීමට හේතුව විය.

අධිකරණය නියෝග කළේ අවසරයකින් තොරව, අනිල් කපූර්ගේ රුව, කටහඬ සහ රංගන හැකියාව කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකින් නිර්මාණය කිරීම වැරදි බවය.

මින් ඉදිරියට, කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිත කරමින් රංගන ශිල්පීන්ගේ රංගන හැකියාව ‘සොරකම් කිරීම’ වළක්වා ගැනීමට අනිල් කපූර් ලබා දුන් තීන්දුව හේතුවක් වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.



අදහස් (0)

කෘත්‍රිම බුද්ධියට එරෙහි නඩුවෙන් අනිල් කපූර්ට ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site