
'ජී7' රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දියාවත් කැනඩාවත් අතරේ විරසකයක් පවතිද්දීය.
පසුගිය වසරේ කැනඩාවේ ඉන්දීය කැනඩා ජාතිකයකු ඝාතනය විය. මේ තැනැත්තා සීක් ජාතිකයෙකි. ඉන්දියාවට අනුව, ඔහු ඉන්දියාවේ සීක්වරුන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන සීක් කලිස්තානී ත්‍රස්තවාදියෙකි. කැනඩාවට ඔහු කැනේඩියානු පුරවැසියෙකි.
හර්දීප් සිං නමැති මොහු වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉන්දීය ඒජන්තවරුන් විසින් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ඉන්දියාවට චෝදනා කළේය. කැනඩාවත් ඉන්දියාවත් අතරේ අර්බුදයක් ඒ අනුව නිර්මාණය විය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටුණි.
ඉන්දීය සහ කැනඩා මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ පැවැත්වුණු සාකච්ඡා ඵලදායී වූ බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙ ඉන්න ඔක්කෝම ත්‍රස්තවාදීන් ගෙනැල්ලා තමන්ගේ රටේ පුරවැසිකම දුන්නාට, හයිය තියෙන රටවල් නිකම් ඉන්නේ නෑ.