IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


කැනඩා අගමැති ටෲඩෝ සමාව ඉල්ලයි

රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පවසමින්, දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වී, යුක්රේන ජාතිකයකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහුට ගෞරව කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවෙන්, යුක්රේන ජනාපධිතිවරයාගෙන් පමණක් නොව ලොව සමස්ත යුදෙව් වැසියන්ගෙන් ද සමාව ඉල්ලුවේය.

මීට සතියකට කීපයකට පෙර, කැනඩාවට පැමිණි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී, කැනඩා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළේය.

රුසියන් ආක්‍රමණය හමුවේ, කැනඩාව යුක්රේනයට සහාය ලබා දෙයි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඒ සම්බන්ධයෙන් කැනඩා පාර්ලිමේන්තුවටත්, කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝටත් ස්තුති කළේය.

දෙවැනි ලෝක යුද්ධයේ දී රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පාර්ලිමේන්තුවට පෙන්වා දෙමින්, 98 හැවිරිදි යර්ලොස්ලේව් හුන්කා නමැත්තා පාර්ලිමේන්තුවට කැඳවා තිබුණේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතා නායක ඇන්තනි රෝටා ය.

යුක්රේන රණ විරුවකු යැයි හුන්කා ගැන ගුණ කථනයක් ද සිදුවුණු අතර, කතා නායකවරයා, කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ඇතුළු සෙසු මැති ඇමැතිවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ සිටි යුක්රේන ජනාධිපතිවරයා ද අසුන්වලින් නැගිට හුන්කා ට ගෞරව දැක්වන්න විය.

කෙසේ නමුත් එම සිද්ධියෙන් දින කීපයක් යද්දී අනාවණය වූයේ යර්ලොස්ලේව් හුන්කා, ස්වේච්ඡාවෙන්, හිට්ලර්ගේ නාසි හමුදාවේ ‘14 වැනි වොෆන් එස්.එස්. ග්‍රෙනදියේ’ බලඇණියට සම්බන්ධ වී සිටි වාර්ගින යුක්රේන වැසියකු බවය.

‘14 වැනි වොෆන් එස්.එස්. ග්‍රෙනදියේ’ බලඇණිය බලඇණිය ක්‍රියාත්මක වී ඇත්තේ නාසි හමුදාවේ අණ දෙන නිලධාරියකු යටතේය. යුදෙව්වන් සමූල ඝාතනය කළේත්, පෝලන්ත වැසියන් අමු අමුවේ ඝාතනය කළේත් මෙම බලඇණියයි. එසේ වුවත් මෙම බලඇණිය යුද අපරාධ කළේ යැයි චෝදනා ලැබ නැත. ඒ අනුව, හුන්කා, රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු යුක්රේන රණ විරුවකු නොවන බව ඒ අනුව තහවුරු විය. කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායක ඇන්තනි රෝටා, හුන්කා පාර්ලිමේන්තුවට ආරාධනා කර තිබුණේ මේ බව නොදැනය.

යර්ලොස්ලේව් හුන්කා සම්බන්ධයෙන් කැනඩා විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම ප්‍රශ්න කරමින් විරෝධය පළ කරද්දී, වරදක් සිදුවුණු බවත්, හරිහැටි සොයා බැලීමකින් තොරන තමන් හුන්කා පාර්ලිමේන්තුවට ආරාධනා කර ඔහුට ගරු බුහුමන් දැක්වීම වැරදි බවත් කතා නායක ඇන්තනි රෝටා පිළිගත්තේය. පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලු ඔහු කතා නායක ධුරයෙන් ඉවත් විය.

ඉන්පසු විපක්ෂයේ ඉලක්කය වූයේ කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝටය. කැනඩා පාර්ලිමේන්තුව, කැනඩා වැසියන් මුලා කළ බවත් යුදෙව් ඝාතනයකු වීරයකු කරමින් යුදෙව්වන්ට අපහාස කළ බවටත් අග්‍රාමාත්‍යවරයාට චෝදනා නැගෙන්න විය. අග්‍රාමාත්‍යවරයා වහා සමාව ඉල්ලීමක් කළ යුතු යැයි ද විපක්ෂය බල කරන්න විය.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ටෲඩෝ පළමුවෙන් පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලීමක් කළේය. ඒ තමන් අතින් බරපතල වරදක් සිදුවුණු බව පවසමිනි. ඉන්පසු ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ලොව යුදෙව් වැසියන්ගෙන් සමාව ඉල්ලුවේය.

දෙවැනි ලෝක යුද්ධයේ දී යුදෙව් සංහාරයට එක් වුණු අමානුෂික ඝාතකයකු යුද වීරයකු කිරීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත් වුණු බව ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය. කරුණු කාරණා හරිහැටි නොදැන යර්ලොස්ලේව් හුන්කා පාර්ලිමේන්තුවට කැඳවීම ලැජ්ජා සහගත යැයි අග්‍රාමාත්‍ය ටෲඩෝ කැනඩා වැසියන්ගෙන් සමාව ඉල්ලමින් පැවැසුවේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (5)

කැනඩා අගමැති ටෲඩෝ සමාව ඉල්ලයි

කිරිපුතා Thursday, 28 September 2023 09:25 AM

මෙයත් අපේ කට්ටිය වගේ ඡන්ද බලාගෙන ඒවා මේවා දොඩවනවා. ත්‍රස්තවාදීන් ට කඩේ යනවා. එරට ජනතාවත් අපේ ජනාව වගේම නම් ඊළඟ පාරත් මෙයා දිනයි.

:       2       30

Anonymous Thursday, 28 September 2023 09:26 AM

ජස්ටින් මහතා අපල කාලයක් ලබා ඇත.

:       1       13

de silva berlin Thursday, 28 September 2023 01:19 PM

සුළුතර කණ්ඩායම් වල ඡන්ද බලාගෙන, දුරදිග නොබලා ත්‍රස්ත කණ්ඩායම් වලට වාසිවෙන විදිහට ක්‍රියාකරන මොහු අමාරුවේ වැටුණේ ඊශ්‍රායලයේ දක්ෂ තානාපති නිලධාරීන් නිසා... ඔවුන් සෑම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න, රටට ආදරය කරන දක්ෂ නිලධාරියෝ... නමුත් අපේ කොටින්ට ජුස්ටින් කොපමණ කඩේ ගියත් අපේ දුර්වල, දූෂිත තානාපති සේවයට ඔහුට විරුද්ධව කිසිම දෙයක් කරගන්න බැරිවුණා. අපි තානාපතිවරු ලෙස පත්කර අරින්නේ විෂය පිළිබඳ කිසිම දැනුමක් නොමැති අය ...

:       0       20

බද්රානි Thursday, 28 September 2023 03:16 PM

මෙහෙමයි, ලංකාවේ වගේ යුද්දේ කරපු සියල්ලන් රණ විරුවන් කියලා ඒ රටවල බුද්ධිමත් ජනතාව සලකන්නේ නැහැ. මෙතැන සිදුවී ඇත්තේ, වැරදීමකින් යුද විරුවෙක් කියලා යුද අපරාධකාරයෙකුට ඔවුන් ගරු බුහුමන් දක්වලා තිබෙනවා. නමුත් ඒ සිදුවුණ අඩුපාඩුව ගැන ඔවුන් කණගාටුව හා සමාව ඉල්ලා තිබෙනවා. ලංකාවේ වගේ දේශපාලන වාසි ලබාගන්න මිනීමරුවන්ව ඔවුන් රණ විරුවන් හැටියට සලකන්නේ නැහැ.. අනික සොල්දාදුවෙකුට නැගෙන චෝදනා රටට එරෙහිව කරන චෝදනාවක් ලෙස පිළිගන්න තරම් ඒ රටවල ජනතාව මෝඩත් නැහැ.. ලංකාවේ වගේ පුහු දේශප්‍රේමේ ඔලුවට ගහලා ජාත්‍යන්තරය බිල්ලෙක් ලෙස හිතන මනස මොංගල් කරගත්තු අපතයින් ඒ රටවල නැහැ. ලංකාවේ ඉතින් උගත්, නූගත් කියලා නැහැ. මානසික ආබාධ සහිත බහුතර පිස්සෝ රැලක්නේ ඉන්නේ... මේ වගේ අඥාන ජනතාවකට ගැලපෙන්නේ උතුරු කොරියාවේ වැනි දේශපාලන ක්‍රමයක් තමයි. බිල්ලෝ ගැන හිතලා බයවෙලා... පාලකයින් සැප විඳිනවා. දැකලා චූන් වෙන්න පුළුවන්නේ එතකොට...

:       8       8

වංහුන් Friday, 29 September 2023 05:41 PM

මොංගල් කරගන්න අපතයින් බලන්න මේරටකට වරෙන්. අපේ බදුසල්ලි වලින් සෙලෙන්සකිට ඩොලර් මිලියන 500 ගෙවන්න යන්නේ මොලේ මොංගල් නිසා නේද? ඇෆ්නිඝස්ථානය අනාථයෝ Canada වට ගෙන්වාගෙන අපේ බදු මුදලින් ඔවුන්ව නඩත්තු කරන්නේ මොංගල් නිසා නේද? Qubec වල නැනීලාට ඒ ගෙවල්වල හාම්පුතාලා ගෙවන වැටුප් මදි කියලා අපේ බදු මුදලින් Qubec නැනීලාට පඩි ගෙවන්නේ මොංගල් නිසා නොවෙයිද? ඒ රටවල යුද විරුවන්ට සලකන්නේ නැහැලු... හැබැයි රටේ නායකයාම වැරැදීමකින් යුද විරුවෙක් කියලා සොල්දාදුවෙකුට සලකලාලු. යුද විරුවන්ට සලකන්නේ නැතිලු... ඒ වුණාට යුද විරුවෙක් හැටියට සලකලාලු. දැන් කාටද මොංගල්. ඔහේ ඉඳන් බුරන්න එපා. මෙහෙ ඇවිත් බලපන් මොනවද වෙන්නේ කියලා. බල්ලොත් එක්ක බුදියගෙන බැහැ ලෝකෙට වරෙන්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1110 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1133 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 429 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site