IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැනඩාවේ අවුරුදු 12 ත් 15 ත් දරුවන්ට ’ෆයිසර්’ එන්නත

කැනඩාවේ, අවුරුදු 12 ත් 15 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ඊයේ (5) සිට ආරම්භ විය.

අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීමට පියවර ගත් පළමු රට කැනඩාය.

‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත අවුරුදු 16 ට වැඩි ඕනෑම කෙනකුට සුදුසු යැයි ‘ෆයිසර්’ ආයතනය පෙන්වා දී ඇති අතර, කැනඩාවේ, ඇමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ මේ වනවිටත් අවුරුදු 16 ට වැඩි ඕනෑම අයකුට එන්නත ලබා දීම සිදුවෙයි. කොරෝනා වයිරසයට එරෙහිව මෙතෙක් නිපදවා ඇති අතුරු ආබාධ අඩු, සාර්ථක එන්නත ලෙස සැලකෙන්නේ මෙම ‘ෆයිසර්’ එන්නතය.

මේ වනවිට කැනඩාවේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 1.2 කි. එයින් සියයට 20 ක් අවුරුදු 19 ට අඩු දරුවන් යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය වූයේ කඩිනමින්, අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබා දිය යුතු බවය.

කැනඩාවේ එන්නත්කරණ වැඩසටහනට එන්නත් කීපයක් යොදා ගැනෙයි. ‘ෆයිසර්’, ‘මොඩර්නා’, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ සහ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ යනු එම එන්නත්ය.

රුධිර කැටි ගැසීමේ බියක් පවතින බැවින්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ සහ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත් ලබා ගැනීමට කැනඩා වැසියෝ මැලිකමක් දක්වති.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ බිරිඳ පසුගිය දා ලබා ගත්තේ මෙම ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නතය. ඒ, එය ලබා ගැනීමට බිය නොවන්නැයි කැනඩා වැසියන්ට පවසමිනි.

කැනඩාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ දා පටන් එය  සිදුවන්නේ ඉතා මන්දගාමීව ය. ඊට එක් හේතුවක් වී ඇත්තේ ප්‍රමාණවත් තරම් එන්නත් එරටට නොලැබීමය.

මේ වනවිට ‘ෆයිසර්’, ‘මොඩර්නා’, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’යන එන්නත්වල පළමු මාත්‍රාව ලබාගෙන ඇත්තේ කැනඩා වැසියන්ගෙන් සියයට 34 ක ප්‍රතිශතයක් පමණි.

‘ෆයිසර්’ එන්නත නිපදවන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගමය. ඒ, ජර්මනියේ ‘බයෝ ඇන්ටෙක්’ සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමිනි. මාත්‍රා දෙකකින් යුත් ‘ෆයිසර්’ එන්නත සියයට 95 ක් සාර්ථක බව පැවැසෙයි.

නව විකෘති වයිරස ප්‍රභේදවලට එරෙහිව ද ‘ෆයිසර්’ එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත්, එම විකෘති ප්‍රභේදවලින් ආරක්ෂා වීමට නම් මාත්‍රා 3 ක් ලබා ගැනීම කළ යුතු බව ‘ෆයිසර්’ වෛද්‍ය පර්යේෂකවරු පෙන්වා දෙති.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම මහා බ්‍රිතාන්‍යය ද එම රටවල අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට 'ෆයිසර්' එන්නත් ලබා දීම සූදානමින්සිටින බව වාර්තා වේ.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පසුගිය දා මාධ්‍ය හමුවතක් කැඳවමින් කියා සිටියේ, ලබන ජූලි 4 වැනිදා ඇමෙරිකානුවන් නිදහස් දිනය සමරද්දී, එරට වැසියන්ගෙන් සියයට 70 කට එන්නත් දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය

ඔන්ටෙරියෝහිදීය (රොයිටර්)



අදහස් (0)

කැනඩාවේ අවුරුදු 12 ත් 15 ත් දරුවන්ට ’ෆයිසර්’ එන්නත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site