
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වෙටා අගනුවර, ප්‍රධාන දුම්රිය ස්ථානයේ බෝම්බයක් පුපුරා යෑමෙන් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 60 කි. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එය බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් යැයි පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි. බෝම්බය පුපුරා ගියේ, ක්වෙටා සිට පෙෂාවෝර් දක්වා ධාවනය වීමට නියමිත දුම්රියට ගොඩවීමට මගීන් දුම්රිය ස්ථානයට එක් රැස්වී සිටිද්දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd