මාධ්‍යවේදී ජමාල් කශෝග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සම්බන්ධ බවට විශ්වාසනීය සාක්ෂි ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ස්වාධීන විශේෂඥයෙක් අද (19) අනාවරණය කළාය.
මේ අනුව ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නැයි ද ඇය ඉල්ලා සිටියාය. අනීතික, ලුහුඬු හෝ අභිමතානුකූල හෝ අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඇග්නස් කැලමාඞ් සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් මෙම කරුණු අනාවරණය කළාය.
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මාධ්‍යවේදී ජමාල් කශෝග්ජි ඝාතනයට සම්බන්ධ බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ඇය අනාවරණය කළාය.
එම නිසා මාධ්‍යවේදී ජමාල් කශොග්ජි ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවත් ඇය සඳහන් කළාය.
කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඇග්නස් කැලමාඞ් මාධ්‍යවේදී ජමාල්ගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වරදකරුවකු කර නොමැත. එහෙත් ඔටුන්න හිමි කුමරු මාධ්‍යවේදී ජමාල් ඝාතනයට සම්බන්ධ බවට විශ්වාසනීය තොරතුරු ඇති බවට ඇය සිය වාර්තාවේ සඳහන් කර ඇත.
මාධ්‍යවේදී ජමාල් කශොග්ජි ඇමෙරිකාවේ “වොෂින්ටන් පෝස්ට්” පුවත්පතේ තීරු ලිපි රචකයකු වූ අතර සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ අයෙකි. හෙතෙම පසුගිය වසරේ ඔක්තෝබර් 2 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනය කෙරුණි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කශෝග්ජිගේ ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධයක්
de silva berlin Thursday, 20 June 2019 09:36 AM
මරණයට සම්බන්ධයක් තිබෙන බව හොඳටම පෙනෙනවා නමුත් කුමක් කරන්නද ? අරාබි තෙල් සල්ලි වලට ඔක්කොම යටය..... කුමාරය පසුගිය කලේ ලෝක සවරියකුත් ගියානේ ?