
'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ඉන්දියාවේ නිපදවන 'කොවිෂීල්ඩ්' එන්නතතේ නියමිත මාත්‍රා දෙකම ලබා ගත් ඉන්දියානුවන්ට නිරෝධායනයකින් තොරව බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර දෙන බව ඉන්දීය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇලෙක්ස් එලියස් ට්විටර් පණිවුඩයකින් දන්වා තිබේ.
ඉන්දීය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ මෙම අවසර ලබන සඳුදා (11) සිට ක්‍රියාත්මක වන බවය. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ඉන්දියාවේ 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන්නේ 'කොවිෂීල්ඩ්' වෙළෙඳ නාමය යටතේය. 'කොවිෂීල්ඩ්' එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහා මේ වනවිට ලොව බොහෝ දෙනකුට ලැබී ඇත්තේ ද මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය.
කෙසේ නමුත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් සහ රජය 'කොවිෂීල්ඩ්' එන්නත අනුමත නොකළ බැවින්, එන්නත් දෙකම නියමිත පරිදි ලබා ගෙන බ්‍රිතාන්‍යයට පැමිණෙන ගුවන් මගීන් ද දින 14 ක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය කෙරුණි. මෙය ඉන්දියාවේ දැඩි විරෝධයට හේතුවක් විය.
බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ 'කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් තමන්ට අවිශ්වාසයක් නොමැති බවත්, එම එන්නත සම්බන්ධයෙන් ඉන්දීය රජය එන්නත ලබාගත් අයට නිකුත් කරන එන්නත් කාඩ්පත නිසි ප්‍රමිතියකින් නොමැති බවත්ය. ඒ අනුව, ඉන්දීය රජය මේ වනවිය නිසි ප්‍රමිතියකට අනුව, ඩිජිටල් එන්නත් කාඩ්පතක් නිපදවා ඇති අතර විදේශිකයන්ට මෙය ලබා දීම සිදුවෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’කොවිෂීල්ඩ්’ ගත් අය නිරෝධායනය කරන්නේ නෑ