IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


’කොවිඩ්’ මරණ වැඩි යුරෝපා රටවල පමණයි

ලොව සෙසු රටවලට වඩා යුරෝපා කලාපීය රටවල 'කොවිඩ් 19' මරණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඊට හේතුව වී ඇත්තේ යුරෝපා රටවල වැසියන් එන්නත් ලබා ගැනීමට උනන්දුවක් නොදැක්වීම සහ සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිනොපැඳීම යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

'කොවිඩ් 19' සඳහා නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන්, කොවිඩ් 19' ආසාදනය වුවත්, මරණයට පත් වීමට ඇති ඉඩ අඩු වෙයි. වයිරස ව්‍යාප්තිය ද යම්තාක් දුරකට සීමා කිරීමට එන්නත්කරණය ඉවහල් වෙයි. එන්නත් ලබා ගැනීම ලොව සෑමගේ වගකීම යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දි ඇත්තේ ඒ නිසාය‍.

යුරෝපා රටවල වැසියන් මුහුණු ආවැණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය නොසකලා හැරීම ද එම රටවල ආසාදිතයන් සහ මරණ ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. අද වනවිට යුරෝපා රටවල් 16 ක 'කොවිඩ් 19' ආසාදියන් සහ මරණ ඉහළ ගොස් ඇත.

ඊයේ (17) වනවිට ලොව සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 255,732,504 තෙක් ඉහළ ගියේය. සමස්ත මරණ වාර්තා වූයේ 5,138,953 ක් ලෙසය. සුවය ලැබූ ගණන 231,147,585 කි. තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ ඉන්දියාව පසුවුවත්, මරණ අතින් ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය. මරණ අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවන්නේ මහා බ්‍රිතාන්‍යය සහ රුසියාවය.

මේ වනවිට යුරෝපයට අයත් රාජ්‍යයක් වන ජර්මනිය සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටිනවා යැයි එරට චාන්සල්වරිය ඇන්ජෙලා මර්කන් පවසා ඇත. චාන්සල්වරිය මෙසේ පැවැසුවේ සෞඛ්‍ය අංශ ලබා දුන් වාර්තා ජනතාවට ඉදිරිපත් කරමිනි.

(රොයිටර්)



අදහස් (1)

’කොවිඩ්’ මරණ වැඩි යුරෝපා රටවල පමණයි

චන්න Friday, 19 November 2021 08:28 AM

ලංකාවෙත් මරණ අනුපාතය වැඩියි. ඉන්දියාවෙ, බංගලිදේශයේ, පකිස්ථානය ඉන්දුනීසියාව මේ හැම රටකම අපිට වඩා අඩුයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site