IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කුර්ස් ඔස්ට්‍රියානු චාන්සල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

දූෂණ චෝදනා එල්ල වීමත් ජනතා අප්‍රසාදය වර්ධනය වීමත් සමඟ ඔස්ට්‍රියානු චාන්සල් සෙබෙස්තියන් කුර්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

සෙබෙස්තියන් කුර්ස්, ඔස්ට්‍රියානු ජනතා පක්ෂය මෙහෙයවමින්, චාන්සල් ධුරයට පත් වූයේ 2017 වසරේදීය. කුර්ස්, ඔහුගේ සමීපතමයන් කීප දෙනකු හවුල් කර ගනිමින්, සිය ප්‍රතිරූපය නංවා ගැනීම සිදු කර තිබේ. ඒ, මාධ්‍ය එරට මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් හවුල් කර ගනිමිනි. මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට මුදල් ගෙවීම් කර ඇත්තේ මුදල් අමත්‍යාංශය හරහාය.

ජනතා මුදල් යොදා ගනිමින් ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වෙද්දී කුර්ස් සහ ඔහුගේ සමීපතමයන් සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ඇරැඹීය.

තමන් චාන්සල් ධුරයෙන් සමුගන්නේ තම පක්ෂය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටුණු නිසා යැයි සෙබෙස්තියන් කුර්ස් මාධ්‍ය හමුවේ පවසා ඇත. නව චාන්සල්වරයා ලෙස විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කරන ඇලෙක්සැන්ඩර් ෂැලෙන්බර්ග් සුදුසු යැයි 35 හැවිරිදි කුර්ස් යෝජනා කර තිබේ. චාන්සල් ධුරයෙන් ඉවත් වුවත් තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන බව කුර්ස් අවධාරණය කර තිබේ.

(රොයිටර්)



අදහස් (2)

කුර්ස් ඔස්ට්‍රියානු චාන්සල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

jayampathi Tuesday, 12 October 2021 10:16 AM

ලෝකයේ ලාබාලම පාලකයා වෙලා හිටියේ මෙයා තමයි.

:       0       1

sam Tuesday, 12 October 2021 12:30 PM

ලංකාවේ ව්‍යවසායකයෝ එකතුවෙලා හොරා කනවා ,හැබැයි ඔහු ඉල්ලා අස් උනා ,ලංකාවේ අය දුම්මල ගහලා වත් එලවන්න බැහැ .මුන් මලහමත් යක්කු,කුම්භාණ්ඩයෝ වෙලා හොරකම් කල සල්ලි පස්සෙම ඉඳීවි.බලපල්ලා ඒ රටේ නීතිය මොකෙකුටවත් යට නැහැ .මෙහෙ නම් නිදොස් කොට නිදහස් .කොහොමද නීති වල වෙනස

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site