කුරුමිණියන්ගේ පිට සැකිල්ල භාවිතයෙන් නවතම ප්ලාස්ටික් වර්ගයක් නිපදවීමට ඩෙන්මාරක ජාතික විද්‍යාඥවරියක් සමත්ව ඇත.
ඇග්ජෙ හොකෙස්ට්‍රා නම් මෙම විද්‍යාඥවරිය පවසන ආකාරයට මෙම නව ප්ලාස්ටික් වර්ගය කල් ගතවීමේදී දිරාපත්වී විනාශ වීමත් සිදුවේ.මෙනිසා මෙම ප්ලාස්ටික් වර්ගයෙන් නිපදවුණු නිමැවුම් අවසානයේ කසළ ලෙස බැහැර කිරීමත් ගැටලූවක් නොවනු ඇතැයි ඇයගේ අදහසයි.
කුරුමිණියන්ගේ ශරීරය ආරක්ෂා වී ඇත්තේ පිටතින් පිහිටන පිටසැකිල්ලකිනි.ඇග්ජේ කර ඇත්තේ කුරුමිණියන්ගේ මේ පිටසැකිලි රසායනික ක්‍රියාවලියක් ආධාරයෙන් එකිනෙක බද්ධ කිරීමයි.ඇය මේ සදහා භාවිතා කර ඇත්තේ මළ කුරුමිණියන්ගෙන් ලබා ගත් පිටසැකිලි බව සදහන් කළ යුතුය.
මෙසේ බද්ධ කර නිපදවාගත් ‘ප්ලාස්ටික්‘ දැනට භාවිතයේ පවතින ප්ලාස්ටික් වරගයන් මෙන්ම සවිමත් හා නම්‍යශීලී භාවයෙන් යුක්ත වන බව ඇය කියයි.
මෙම නව ප්ලාස්ටික් වර්ගය භාවිතයෙන් ඇය දැනට විවිධ ආයිත්තම් නිපදවමින් සිටී.ඉදිරියේදී මෙම ක්‍රියාවලිය වැඩිදුරටත් දියුණු කර මහා පරිමාණයෙන් සිදුකරන ප්ලාස්ටික් උපකරණ නිශ්පාදනයන්ටත් යොදාගැනීමට බලාපොරොත්තු වන බව ඇය කියයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුරුමිණි ප්ලාස්ටික් ඩෙන්මාර්කයෙන්
පිටබැද්දර ජයා Friday, 29 November 2013 02:46 PM
අනේ අපිටනම් එපා කුරුමිණි ප්ලාස්ටික් අපිට ඕනෑතරම් කෙසෙල් ගස් තියෙනවනේ (අ)
දනා Friday, 29 November 2013 12:45 PM
මෙන්න නවීන විද්‍යාවෙන් කෙරෙන්න ඕනෑ දේවල් (නි)
කුමාරි Friday, 29 November 2013 06:39 PM
අනේ අහිංසක සත්තුන්ගේ ජිවිත බිලි නොගන්න. මනුස්සයාගේ යහපත තකා සතුන් නොමරන්න.(නදී)
ශානිකා Friday, 29 November 2013 01:49 PM
මිනිසාට හිංසාවක් නැති කෘමින් බිලියන ගණනින් මරයිද දන්නෙ නැහැ. (නි)