
දෛනිකව කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීම නවතා දැමීමට චීන සෞඛ්‍ය අමත්‍යාංශය තීරනය කර තිබේ. දෛනිකව කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීමට චීන රජය කටයුතු කර තිබුණේ 2020 වසරේ සිටය.
‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය චීනයයි. වයිරසය හිස එසවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නනගරයෙනි. මේ වනවිට ‘කොවිඩ් 19‘ වසංගතය යළි හිස ඔසවා ඇති චීනයෙන් පසුගිය දිනවල දිනකට ආසාදිතයන් මිලියන 37 ක් බැගින් වාර්තා විය.
දෙසැම්බර් මාසයේ පළමු දින 20 ඇතුළත මිලියන 248 ක් දෙනා වයිරසය ආසාදනය වී ඇතැයි ද චීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ වාර්තාවක දැක්විණි. දෛනිකව ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීමෙන් ඵලක් නැතැයි සෞඛ්‍ය අංශ තීරණය කළේ ඒ අනුවය.
චීනය බිහිසුණු අයුරින් ‘කොවිඩ් 19‘ වසංගතයකට මුහුණ දෙන්නේ එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළ බැවිනි. රජය එසේ සෞඛ්‍ය සීමා ලිහිල් කළේ ජනතා විරෝධය හමුවේය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
708
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා දත්ත ප්‍රසිද්ධ කිරීම නැවැත්වීමට චීනය තීරණය කරයි