IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


කොරෝනා කරල් මිලදී ගන්න උදව් කරනවා

'කොවිඩ් 19' රෝගීන් කඩිනමින් සුවපත් කළ හැකි ඇමෙරිකාවේ මර්ක් ඖෂධ සමාගම නිපදවා ඇති 'මොල්නුපියවියර්' නමැති වයිරස නාශක බෙහෙත් කරල, දිළිඳු රටවලට මිලදී ගැනීම සඳහා සහාය දක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැවැසුවේ, 'මොල්නුපියවියර්' බෙහෙත් කරල් මිලදී ගැනීමට ධනවත් රටවල් අතරේ තරගයක් පැවැතීම නිසාය.

'මොල්නුපියවියර්' බෙහෙත් කරලට තවමත් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම කරල අනුමත කරනු ඇත්තේ ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසුවය.

කෙසේ නමුත්, සායනික පර්යේෂණවලදී 'මොල්නුපියවියර්' ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බැවින්, ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ඊට කඩිනමින් හිමිවනු ඇතැයි ද පැවැසෙයි.

ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව යන ආසියා පැසිෆික් රටවල් කරල් මිලදී ගැනීමට සූදානමින් සිටින අතර, ඔවුන් මේ වනවිටත් එය ඇණවුම් කර අවසන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඊට අමතරව, රටේ ජනගහනයෙන් සියයට 80 කට වඩා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් බටහිර රටවල් ද 'මොල්නුපියවියර්' කරල ඇණවුම් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.

'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලොව සෑම රටකටම සමව බෙදී යා යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසය. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී, දිළිඳු රටවලට එන්නත් බෙදා දීමට 'කොවැක්ස්' වැඩසටහන ආරම්භ කර ඇත්තේ ද මේ නිසාය. 'කොවැක්ස්' වැඩසටහන හරහා දිළිඳු සහ තුන්වැනි ලෝකයේ රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් බෙදා දීම සිදු කරයි. ඒ යුනිසෙෆ් සංවිධානය ද හවුල් කර ගනිමිනි.

එන්නත් බෙදා හරින ආකාරයට 'මොල්නුපියවියර්' කරල ද මිලදී ගෙන ඒවා දිළිඳු රටවලට බෙදා දීමට හෝ 'මොල්නුපියවියර්' කරල මිලදී ගැනීමට දිළිඳු රටවලට මුල්‍යමය වශයෙන් ආධාර කිරීමට හෝ තමන් සූදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

'මර්ක්' සමාගම පෙන්වා දෙන්නේ, 'මොල්නුපියවියර්' කරල භාවිතයට ගනිද්දී 'කොවිඩ් 19' රෝගීන් රෝහල්ගත කිරීමක් අවශ්‍ය නොවනු ඇති බවය. 'මොල්නුපියවියර්' 'කොවිඩ් 19' නිසා මරණයට පත් වීම ද අවම කරයි.

'මර්ක්' යනු ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, බොහෝ දෙනා එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ රැසක් නිෂ්පාදනය කරන්නේ ද මෙම සමාගමය.

'මර්ක්' සමාගමේ ආරම්භය 1891 දීය. එය ස්වාධීන සමාගමක් බවට පත් වූයේ 1917 වසරේදීය. මූලස්ථානය ඇත්තේ නිව්ජර්සි ජනපදයේ කෙලින්වර්ත් නුවරය.

'මොල්නුපියවියර්' කරල සම්බන්ධයෙන් කළ සායනික අත්හදා බැලීම්වලදී 'කොවිඩ් 19' රෝගීන්ට දිනකට දෙවරක් කරල් 4 ක් බැගින්, දින පහකට 'මොල්නුපියවියර්' නිර්දේශ කෙරුණි.

සායනික අත්හදා බැලීම් සාර්ථක වූයේ රෝගීන් රොහලේ රැඳී සිටිය යුතු කාලය අඩු කරමිනි. එක් රෝගියකුට නියමිත බෙහෙත් වට්ටෝරුව සඳහා වැය වනු ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 10 ක් පමණ යැයි ද පැවැසෙයි.

'මොල්නුපියවියර්' හදිසි භාවිතයට අවසර ඉල්ලා 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර තිබේ. ඉදිරි දින කීපයේ දී 'මොල්නුපියවියර්' කරල සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇමෙරිකාව තුළ ඖෂධ අනුමත කරන්නේ බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි.

(රොයිටර්)



අදහස් (1)

කොරෝනා කරල් මිලදී ගන්න උදව් කරනවා

Saththaya Thursday, 21 October 2021 09:17 AM

මුලින්ම 225 බේරාගෙන ඉම්මු . අපිට දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි . තව ඉතුරුවෙලා තියෙන්නේ මරණය විතරයි .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 340 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site