IMG-LOGO

කොරෝනා එන්නත මිලදී ගැනීමට අමතර ඩොලර් බිලියන 10 ක්

 

ෆයිසර් සහ බයෝ ඇන් ටෙක් සමාගම් ද්විත්වය සංවර්ධනය කරන එන්නත සහ කියෝවැක් සමාගම සංවර්ධනය කරන එන්නත මිලදී ගැනීම සඳහා තවත් අමතර ඩොලර් බිලියන 10ක් ගෙවීමට යුරෝපා සංගමය තීරණය කර ඇත.

තවත් තවත් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ අරමුණින් යුරෝපා සංගමය එලෙස මුදල් වෙන් කර ඇතැයි එම කටයුත්තට සම්බන්ධ නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.

ෆයිසර් සහ බයෝ ඇන් ටෙක් සමාගම් ද්විත්වය සංවර්ධනය කරන එන්නතේ, එන්නත් මාත්‍රාවකට යූරෝ 15.50ක් (ඇමෙරිකානු ඩොලර් 18.34ක්) ගෙවීමට යුරෝපා සංගමය එකඟතාව පළ කර ඇතැයි ද එම නිලධාරියා කීය.

ඒ අනුව එම එන්නතේ මාත්‍රා මිලියන 200ක් ලබාගැනීම සඳහා ආසන්න වශයෙන් යූරෝ බිලියන 3.1 මුදලක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක මුදලක්) වැය වේ. මෙම නව ගිවිසුම යටතේ තවත් එන්නත් මාත්‍රා මිලියන 100ක් ලබාගත හොත් ඒ සඳහා වැය වන මුදල යූරෝ බිලියන 4.65කි.

කියෝවැක් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 225ක් ලබාගැනීම සඳහා එක් මාත්‍රාවකට යූරෝ 10ක් ( ඇමෙරිකානු ඩොලර් 11.84ක මුදලක්) ගෙවීමට යුරෝපා සංගමය මීට පෙර එකඟතාව පළ කර තිබිණි.

වට්ටමක් යටත්ව එක් එන්නතකට එම මුදල ලබාදීම සඳහා යුරෝපා සංගමය සහ අදාළ සමාගම අතර එකඟතාව ඇති කරගෙන තිබේ. කෙසේ නමුත් එක් එන්නත් මාත්‍රාවක වෙළෙඳපොළ මිල යූරෝ 12ක් යැයි එම සමාගම නිවේදනය කර ඇත.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (1)

කොරෝනා එන්නත මිලදී ගැනීමට අමතර ඩොලර් බිලියන 10 ක්

banda Friday, 20 November 2020 09:42 PM

අපිට කොහෙන්ද අනේ මෙපමණ මුදලක්... අපේ දුම්මුට්ටිය අපිට හොඳා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 654 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site