කොරෝනා අවදානම වැඩි කරන, දකුණු ආසියානු රටවල වැසියන්ට පමණක් සුවිශේෂී වූ ජානයක් සොයා ගැනීමට බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති.
මෙම සොයා ගැනීම කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ 'ඔක්ස්ෆර්ඩ්' විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ය. ඒ, 'කොවිඩ් 19' වයිරසයේ බලපෑම පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීමේදීය.
'කොවිඩ් 19' ආසාදනයෙන් පෙනහලු අක්‍රිය වී මරණයට පත්වීමේ අවදානම දෙගුණ කිරීමට මෙම ජානය හේතුවක් වන බව පර්යේෂකයෝ පැහැදිලි කරති. දකුණු ආසියාතිකයන්ට කොරෝනා අවදානම වැඩි වශයෙන් බලපෑමේ හේතුව මෙම ජානය යැයි ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මෙම ජානය දකුණු ආසියානු පසුබිමක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 60 ක් තුළ පවතින බව අනාවරණ වී ඇති අතර, යුරෝපීය සම්භවය සහිත පුද්ගලයන්ගෙන් සියයට 15 ක් තුළ දක්නට ලැබෙනවා යැයි පැවැසෙයි.
අප්‍රිකානු සහ කැරිබියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට දෙකක් තුළ සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 1.8 ක් තුළ මෙම ජානය හඳුනාගෙන තිබේ.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා අවදානම වැඩි කරන ජානයක්