ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි එරට විශාලතම හමුදා රෝහලේ අධි බලැති බෝම්බ දෙකක් පිපිරීයෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 43 දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බ ප්‍රහාරවලට අමතර රෝහලේ වෙඩි හුවමාරුවක් ද සිදුවුණු බව ඇෆ්ගන් තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බෝම්බ පුපුරා ගියේත් වෙඩි හුවමාරුව සිදුවූයේත් සර්දාර් මොහොමද් දාවුද් ඛාන් හමුදා රෝහලේය. මෙය ඇඳන් 400 කින් සමන්විත හමුදා රෝහලකි.
ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ජාලයට අයත් 'අයි.එස්.අයි.එස්.කේ.' කල්ලිය යැයි තලේබාන්වරු සැක කරති. කෙසේ නමුත් තවමත් ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නැත.
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ යළි බලය අත්පත් කරගත්තේ පසුගිය අගෝස්තු මස අවසානයේය. ඒ, ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟය.
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය එමීරේට්ස් රාජ්‍යයක් ලෙස නම් කර ඇති අතර, අන්තර්වාර රජයක් ද පිහිටුවා අවසන්ය. කෙසේ නමුත් 'අයි.එස්.අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය තලේබාන්වරුන්ට තර්ජනයක් වී ඇති අතර අන්තවාදී අදහස් ඇති තලේබාන් සන්නද්ධ සාමාජිකයන්ගේ සහාය ද 'අයි.එස්.අයි.එස්.කේ.' කල්ලියට හිමිවන බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාබුල් හමුදා රෝහලේ බෝම්බ පිපිරේ