ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ඇමරිකානු සහනාධාර කාර්යාලයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පස්දෙනකු මියගොස් 24දෙනකු තුවාල ලබා ඇත.
ප්‍රහාරය සඳහා පුද්ගලයන් පස්දෙනකු පැමිණ ඇති බවත් ඔවුන් සියලුදෙනාම මරා දැමූ බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.
ප්‍රහාරකයින් කාර්යාලයට පැමිණීමට පෙර මරාගෙන මැරෙන බෝම්බයක් මෝටර් රථයක අටවා කාර්යාලයේ දොරටුව අසළ ස්ථානගතකර තිබූ බව බලධාරිහු පවසති.
ආරක්ෂක අංශ සහ ප්‍රහාරකයින් අතර වෙඩි හුවමාරුවක් ද සිදුවී ඇත.
කාර්යාලය තුල සිටි සේවකයන් 200ක් පමණ ආරක්ෂිතව ඉවත් කළ බවත් මේවනවිට කාර්යාලය තුළ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් ආරක්ෂක අංශ සඳහන් කරයි.
වසර 18ක යුද්ධය නිමා කිරීම සඳහා තලේබාන් සංවිධානය හා ඇමරිකාව අතර හයවන වටයේ සාකච්ඡා කටාර්හිදී පැවැත්වෙන අතරතුර මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් 5ක් මරුට : 24කට තුවාල