IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කත්‍රිනා කායිෆ් ට මංගල සීනු

ජනප්‍රිය බොලිවුඩ් නළු නිළි යුවළක් වන කත්‍රිනා කායිෆ් සහ විකී කෞෂාල්ගේ විවාහ මංගලෝත්සවය, පෙරේදා (8) සවස, රාජස්තානයේ සවායි මද්හෝපූර් සික්ස් සෙන්සස් නිවාඩු නිකේතනයේ දී පැවැත්විණි.

නළු නිළි යුවළගේ පවුලේ සාමාජිකයන්ට අමතරව, මංගල උත්සවයට ඇරැයුම් ලැබී තිබුණේ බොලිවුඩයේ කිහිප දෙනකුට පමණි. නේහා ඩෘපියා, ඇගේ සැමියා අන්ගාද් බේදී, මිනී මතූර් සහ ඇගේ සැමියා කබීර් කාන්, මලවිකා මොහාන්න, ෂර්වාරි වාග් එසේ බොලිවුඩය නියෝජනය කරමින් මංගලෝත්සවයට සහභාගී වූවෝ වෙති.

බොලිවුඩයේ ජනප්‍රිය චරිත බොහොමයක්, නව යුවළට සුබ පැතුවේ, සමාජ මාධ්‍ය හරහා මංගල උත්සවයේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් වෙද්දීය.

‘අප අලුත් ගමනකට මුල පුරනවා. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ ආදරය සහ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා’ යැයි කත්‍රිනා ඇගේ ඉන්ටග්‍රෑම් ගිණුමේ මංගල ඡායාරූප පළ කරමින් පවසා තිබේ.

1983 වසරේ ජූලි 16 වැනිදා, උපන් කත්‍රිනා බ්‍රිතාන්‍ය ඉන්දීය නිළියකි. කත්‍රිනා  උපත ලබා ඇත්තේ හොංකොං හිය. ඇය ලන්ඩන් නුවර පදිංචියට ගොස් ඇත්තේ ඉන්පසුවය.  2003 දී රංගනයට පිවිසීමට පෙර කත්‍රිනා නිරූපිකාවක ලෙස කටයුතු කළාය. ඇය රංගනයට පිවිසියේ ‘බූම්‘ චිත්‍රපටයෙනි.

රංගනයට පිවිස කෙටි කාලයකින් ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළුවකු බවට පත් වුණු විකී කෞෂාල් උපත ලැබුවේ 1988 මැයි 16 වැනිදාය. විකී කෞෂාල්ගේ පළමු සිනමා නිර්මාණය ‘ගැන්ග්ස් ඔෆ් වාසේපූර්‘ ය.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

කත්‍රිනා කායිෆ් ට මංගල සීනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site