
කණ්ණාඩා සිනමාවේ ජනප්‍රිය නළු පුනීත් රාජ්කුමාර් හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ වයස අවුරුදු 46 ක් බවය.
පුනීත් රාජ්කුමාර් මියගියේ ඊයේ (29) දිනයේය. ඔහු ශරීර සුවතා මධ්‍යස්ථානයේ ව්‍යායාම ගනිමින් සිටිද්දී මහන්සියක් දැණුනු බව පවසා ඇත. එ් අනුව කඩිනමින් ඔහු බෙංගලූරු පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කෙරුණි. කෙසේ නමුත් ඊයේ (29) සවස රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ පුනීත් රාජ්කුමාර් දිවියෙන් සමුගත් බවය.
පුනීත් රාජ්කුමාර් රෝහල්ගත වූ පුවත සැලවීමත් සමඟ ඔහුගේ රසික රසිකාවියන් බොහෝ පිරිසක් රෝහලෙන් පිටත රැස්ව සිටි බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
චිත්‍රපට 29ක රඟපෑ රාජ්කුමාර්, කණ්ණාඩ සිනමාවේ "සුපර් ස්ටාර්", එනම් "සුපිරි තරුව" ලෙසින් ද හැඳින්විණි. 1975 වසරේ දී චෙන්නායි අගනුවර උපන් රාජ්කුමාර්ගේ චිත්‍රපට රසිකයින් බොහෝ සේ වැළඳගත් ඒවා වන අතර, විවිධ භාෂාවලින් ඒවා තිරගත කර තිබේ.
රාජ්කුමාර් රංගනයට පිවිසියේ කුඩා කාලයේය. ඔහු 'හොඳම ළමා නළුවා' ලෙස ඉන්දීය ජාතික චිත්‍රපට උළෙලේදී සම්මානයට පාත්‍ර විය. පුනීත් රාජ්කුමාර් ට එම සම්මානය හිමිවූයේ 'බෙටාබූ හූවූ' චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. මෙම චිත්‍රපටයේ පුනීත් රාජ්කුමාර් රංගනයෙන් එක් වූයේ ඔහුගේ පියා සමඟය.
පුනීත් රාජ්කුමාර් අඩු වයසින් දිවියෙන් සමුගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ට්විටර් පණිවුටඩයක් නිකුත් කරමින් සොව පළ කර ඇත.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කණ්ණාඩ සුපිරි තරුව සමුගනී