IMG-LOGO

ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිරිහැර

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදුවී ඇතැයි අනාවරණය වීමත් සමඟ ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම අනාවරණය සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක වන බ්‍රිටනි හිගින්ස් ය.

බ්‍රිටනි හිගින්ස් චෝදනා කර ඇත්තේ ඕස්ට්‍රේලියා අමාත්‍යවරයකු සිය කාර්යාලයේ දී තමන්ට ලිංගික හිරිහැර කළ බවය. බ්‍රිටනි හිගින්ස්ගේ අනාවරණයත් සමඟ පාර්ලිමේන්තුවේ එසේ ලිංගික හිරිහැරවලට ලක්වුණු සේවිකාවන් ඉදිරිපත් වී ඔවුන්ට සිදුවුණු අසාධාරණකම් අනාවරණය කර ඇත.

මේ වනවිට එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙන අතර, එම විමර්ශනයට අදාල වාර්තාවක් එළිදක්වා තිබේ. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට, පාර්ලිමේන්තුවේ සේවය කරන සේවකයින්ගෙන් තුන්දෙනකුගෙන් එක් අයකු ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වී සිටී.

එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (2)

ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිරිහැර

මැක්ස් Wednesday, 01 December 2021 06:49 PM

හපොයි දෙයියනේ, එහෙත් මෙහෙම දේ වෙනවාද? මේ අපේ රටේ මධ්‍යම පන්තියේ බොහෝ දෙනාගේ සිහින දේශය නේද?

:       0       0

ඉන්දික Thursday, 02 December 2021 12:23 PM

ලංකාවේ දේශපාලනේ අවුල් කියලා සැප හොයන් ඔසී ගියපු විද්වතුන් මොනවද මේ ගැන හිතන්නේ?බලමුකෝ නීතිය ඉහළින් ක්‍රියාත්මක වෙනවාද කියලා..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site