IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියා අගමැති ඊශ්‍රායලයට දොස් කියයි

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නැගුවේය. ඒ, ගාසා තීරයේ දී ඕස්ට්‍රේලියානු ජාතික සහන සේවකයකු වූ සෝමි ෆ්‍රැන්කොම් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙනි.

43 හැවිරිදි සෝමි ෆ්‍රැන්කොම්, ‘වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්’ නමැති ජාත්‍යන්තර සහන සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරියකි. ‘වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්’ සහන සේවා කණ්ඩායමක් ගාසා තීරයට ගොස් සිටින්නේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ කුසගින්නේ පසුවන පලස්තීන වැසියන්ට ආහාර සකසා දීමේ අරමුණින්ය.

මීට සති කීපයක පෙර ඊශ්‍රායල ගුවන් හමුදාව, ආහාර ලබා ගැනීමට පැමිණ සිටි පලස්තීන වැසියන් පිරිසක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, සහන සේවකයෝ පස් දෙනෙක් එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර, සෝමි ෆ්‍රැන්කොම් ද සිටී.

සෝමි ෆ්‍රැන්කොම් මියයෑමේ වගකීම ඊශ්‍රායලය බාරගත යුතු බවත්, ඊශ්‍රායලයට කිසිදු සමාවක් නොලැබෙනු ඇති බවත්, ඕස්ට්‍රේලියානු  අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඕස්ට්‍රේලියා අගමැති ඊශ්‍රායලයට දොස් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 505 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site