IMG-LOGO

එන්නත් නොගත් අය රෝහල් බිල ගෙවිය යුතුයි

රජය විදේසවලින් මිලදී ගෙන නොමිලේ ලබා දෙන 'කොවිඩ් 19' ප්‍රතිශක්ති එන්නත් ප්‍රතික්ෂේප කරන සිංගප්පූරු වැසියන්, 'කොවිඩ් 19' ආසාදනය වී රෝහල්ගත වන්නේ නම්, රෝහල් බිල ඔවුන් විසින් ගෙවිය යුතු යැයි සිංගප්පූරු රජය නව නීතියක් හඳුන්වා දී ඇත.

මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇත්තේ ලබන දෙසැම්බර් 8 වැනිදා සිටය.

මේ වනවිට සෑම සිංගප්පූරු වැසියකුම සඳහා 'කොවිඩ් 19' ආසාදනය වී රෝහල්ගතවීමේදී සියලු බරපැන දරන්නේ රජයයි. ඒ, රජය හඳුන්වා දී ඇති 'මෙඩිසේව්' සහ 'මෙඩිකෙයාර්' රක්ෂක ක්‍රමවේද හරහාය. විදේශවල සිට සිංගප්පූරුවට යළි පැමිණෙන සිංගප්පූරු වැසියන් ආසාදිතයන් වුවත්, ඔවුන් රෝහල්ගතවීමේ දී බරපැන දරන්නේ ද රජයයි.

සිංගප්පූරුවේ 12 වැඩි සැමට එන්නත් ලබා දීම සිදුවන අතර, එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන සිංගප්පූරු වැසියෝ ද සිටිති.

'එන්නත්කරණ වැඩසටහනේ ඇති වැදගත්කම තේරුම් නොගත් බොහෝ දෙනකු සිටිනවා. ඔවුන් එන්නත් ලබා ගැනීමට උනන්දු වන්නේ නැහැ. කොරෝනා ආසාදිතයන් රැක බලා ගැනීමට ලොකු වියදමක් දැරීමට රජයට සිදුවෙනවා. එන්නත් ලබා ගෙන ඇති නම් බොහෝ දෙනකුට රෝහල්ගත නොවීමට එය හේතුවක් වෙනවා. රෝගීන් ඉහළ ගොස් රෝහල් ධාරිතාව පිරී යෑම සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරා ගැනීම අසීරුයි. මෙම නව නීතිය හඳුන්වා දෙන්නේ ඒ නිසයි' යැයි සිංගප්පූරු සෞඛ්‍ය ඇමැති ඔංග් යේ කංග් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

එන්නත් නොගත් අය රෝහල් බිල ගෙවිය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 343 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site