IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


එක් දරු නීතීය චීනය ඉවත දමයි

‘එක් පවුලකට එක් දරුවෙක්‘ යන නීතිය සංශෝධනය කිරීමට චීනය සැරසෙයි.

චීනයේ ජනගහණය ඉහළ යාම පාලනය කිරීමට හඳුන්වාදී ඇති මෙම නීතිය කි‍්‍රයාත්මක වන්නේ 70 දශකයේ සිටය.නීතිය කඩ කර දරුවන් දෙතුන් දෙනෙකු හදන දෙමව්පියන් වේ නම් ඔවුන් මත දැඩි දඩ පැනවීමටත් ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන්ගේ සියලූ දේපළ රාජසන්තක කරවීමටත් චීනය ක්‍රියා කළේය.

නීතිය හදුන්වාදීමෙන් පසු ගතවූ කාලවකවානුවේ චීන ශ‍්‍රමිකයින්ගේ ශීඝ්‍ර අඩුවීමක් සිදුව ඇතැයි සොයාගැනීමට හැකිය.

තවද ගබ්සා මධ්‍යස්ථාන,වඳ සැත්කම් වැනි සමාජ සදාචාරයට පටහැනි කි‍්‍රයා ඉහළ යාමක්ද හදුනාගත හැකි වී තිබීම මෙම තීරණයට තවත් හේතුවක් වී ඇත.

කෙසේ නමුත් සංශෝධනයන් සිදුකිරීමට යන්නේ කොන්දේසි මත පිහිටාය.මව හා පියා ඔවුනොවුන්ගේ දෙමව්පියන් හට සිටිනා එකම දරුවන් පමණක් වේ නම් එම යුවළට තවත් දරුවෙකු හදා වඩා ගැනීමේ අවසරය ලබා දෙනු ඇත.

මේ නීතිය  චීනයේ ඇතැම් පළාත්වල දැනටමත් කි‍්‍රයාත්මක කෙරේ ඒ කෙසේ වුවත් චීනයේ ඉහළ පෙළේ පවුල්වල දරුවන් දෙතුන් දෙනා සිටිතියි කියති.



අදහස් (0)

එක් දරු නීතීය චීනය ඉවත දමයි

කළණ Monday, 18 November 2013 05:10 PM

පුංචි පවුල රත්තරන් කතාව වගේ. මං තවත් එකක් කියන්නම්. ලංකාවේ ළමයි දැන් ඉගෙන ගන්නවා, රැකියා කරනවා, ඊට පස්සේ කසාද බදින්නේ. එතකොට වයස් සීමාව ගිහින්. ළමයි ලැබෙන සුලබතාව අඩු වෙනවා. ඇයි දුප්පත් අයට ළමයි වැඩි?ඒ අය කිසිදෙයක් හිතන්නේ නැතුව අඩු වයසෙන්ම කසාද බදිනවා, ළමයි හදනවා. ආර්ථිකය ප්‍රශ්නයක් තමයි, එහෙත් අපි මේකට විසදුමක් ගෙනෙන්න වෙනවා. (නි)

:       0       0

කැලුම් Monday, 18 November 2013 12:05 PM

කොයි නීතියත් පොඩි එකාට විතරයි.ලොක්කන්ට ඕනේ තරම් සැප.පොඩ්ඩන්ට හුලන්. (ස)

:       0       0

නන්ද Monday, 18 November 2013 01:00 PM

පවුලක දරුවන් අඩු වීම නිසා ඇතිවන සමාජ ප්‍රශ්න ගැන දැන් දැන් කතා කරන්න පටන් අරන්.තමා සමඟ සෙල්ලම් කරන්න කතාබහ කරන්න සම වයසේ කෙනෙක් තමන්ගේ නිවසේ නැතිවීම නිසා දරුවන් විශාල මානසික ගැටලු වලට මුහුණ පානවා. චීන රජය ගත් මෙම තීරණය පිළිබඳව අපේ නායක උතුමන්ලාගේ අවධානය යොමු වේවා. (ස)

:       0       0

උපාලි Monday, 18 November 2013 03:32 AM

ලෝකයේ සිදුවෙන සෑම දරු උපත් හතරකින් එකක් චීනයේ කියනවනේ. රටවල් 176 ක් පදනම් කරගෙන 'ට්‍රාන්පෙරන්සි ඉන්ටනැෂනල්' ආයනය සිදුකළ දුෂණ සමීක්ෂණයේ 80 වැනි තැනට පහළට වැටුණු චීනය, බිලියන දෙකක ජනගහනයකුත් නඩත්තු කරගෙන දැන් ආර්ථික යෝධයෙක් බවටත් මහා බලවතෙකු බවටත් පත්වෙමින් සිටින්නේ. ඔවුන්ගේ මොන ප්‍රශ්න තිබුනත් නිවැරදි ප්‍රතිපත්ති යටතේ රට ඉදිරියට යන බව නේද ඒකෙන් පැහැදිලි වෙන්නේ? ජනගහන ප්‍රතිපත්තිය ඒකේ කොටසක්. (නි)

:       0       0

දර්ෂා Monday, 18 November 2013 01:48 PM

තීරණයන් යනු කාලයෙන් කාලයට අවස්ථා අනුව වෙනස් වේ. එහි හොඳ නරක තීරණය වනුයේ අවසාන ප්‍රතිපලය අනුවයි. (ස)

:       0       0

බහාමාස් රවිදු Monday, 18 November 2013 02:19 PM

කොහොමින් කොහොමින් හරි අර සුද්ද වූ යුද්දෙට කියල ළමයි හදන ත්‍රස්තවාදී ආගමිකාරයො මේ ලොකෙන් තුරන් වුනදාට මේ ලෝකෙ ලස්සන තැනක් වේවි... (ස)

:       0       0

රසික Tuesday, 19 November 2013 09:35 AM

චීන පාලනයේ 70 දසකයේ ගත්ත තීරණයට මම විරුද්ධ නැහැ. අපේ අයගේ පුංචි පවුල රත්තරන් කියන අදහසට මම එකග වෙනවා. ජාතිය ගොඩන ගන්න කියල පුළුවන් තරම් දරුවන් බිහි කරොත් වෙන්නේ මව් රැකවරණය සීමිතව හිමි අර්ධ පහසුකම් සහිත දරුවන් කොට්ටාශයක් බිහිවීම. එය ජාතියට විශාල බලපෑමක් කරනවා. අද බලන්න සමහර ජාතිකයන් ජාතිය ගොඩනගන්න කියල වැඩිපුර දරුවෝ හදල මොකද වෙලා තියෙන්නේ ඒ දරුවන් ත්‍රස්තවාදීන් වෙලා. ආගම්වාදීන් වෙලා.එහෙම උනේ මොකද කියල හිතන්න ඕන. ඒ ගෙදර දරුවන් වැඩි උනාම එකෙක්වත් හරියට හදා ගන්න බැරි නිසා. (ස)

:       0       0

ඒකනායක Monday, 18 November 2013 08:18 AM

පුංචි පවුල රත්‍රන් කියා එදා සිට ප්‍රචාරය ගෙනගිය බව මේ වීඩියෝවෙන් පේනවා.(නදී)

:       0       0

නිසාර් - කුවේට් Monday, 18 November 2013 02:59 PM

රවිඳු, නිකන් මුස්ලිම් ජනතාවට බොලඳ කතා නොකිය හිටයනම් නුවණට හුරුයි. (ස)

:       0       0

ලක්මාල් Monday, 18 November 2013 08:19 AM

ඒ කෙසේ වුවත් චීනයේ ඉහළ පෙළේ පවුල්වල දරුවන් දෙතුන් දෙනා සිටිතියි කියති. (නි)

:       0       0

කුමාරි Monday, 18 November 2013 09:29 AM

පුංචි පවුල රත්තරන් කියල හිතුවේ සිංහලයා විතරයි ලංකාවේ. (ස)

:       0       0

චානක Monday, 18 November 2013 03:45 PM

මෙහෙම තමන්ට ළමයි දාහක් හරි කමක් නැහැ නඩත්තු කරන්ඩ පුළුවන් තරමට සල්ලි දේපල තියනවා නම් හැදුවට කමක් නැහැ. නැතිව කන්න බොන්න උගන්වන්න සල්ලි නැතිව ළමයි කාලකන්නි කරන්ඩ නම් හැදුවේ නැතිවට කමක් නැහැ. (ස)

:       0       0

බහාමාස් රවිදු Monday, 18 November 2013 03:46 PM

මම නං එහෙම මුස්ලිම් කියල කිව්වෙ නෑ...නිසාර් - කුවේට් ඔයාම කිව්වනේ.. හොදා හොදා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ නේද??.(නදී)

:       0       0

පද්මා අක්කා Monday, 18 November 2013 03:46 PM

ඕකෙන් මේකෙන් චීනයේ විකුනපු ආරක්ෂක කොපු සහ ගැබ්බර නොවන පෙති විශේෂයට විකුණුම නැතුව යනවා . .සමහර විට ලංකාවට ආධාර වශයෙන් එම කොපු සහ පෙති චීනය විසින් එවාවි . .(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Sunday, 17 November 2013 09:20 PM

අපිත් ඔය ලණුව කෑවා. පුංචි පවුල රත්තරන් කියලා ලස්සන දැන්වීමෙන් පටන් ගත්තේ. සිංහලයා වද කරන්න.නර්ස් නෝනා තමයි ගම වටේම තෝල්ක වැඩේ කළේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site