IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


එක් දිනකදී ඉන්දීය වෛද්‍යවරු 50 ක් කොරෝනාට බිලි

ඉන්දයාවේ එක් දිනකදී, වෛද්‍යවරුන් 50 දෙනකු කොරෝනා ආසාදිතව මියගිය බවත්, කොරෝනා ආසාදිතව මියගිය සමස්ත වෛද්‍යවරුන් ගණන මේ වනවිට 1,000 පසු කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කරන්නේ එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමිනි. දිනකදී මියගිය වෛද්‍යවරුන් 50 දෙනාගෙන් වැඩි දෙනකු දිල්ලි අගනුවර රජයේ රෝහල්වල කොරෝනා වාට්ටුවල කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අර්නාස් ජුහහිද් නමැති කණිෂ්ට නේවාසික වෛද්‍යවරයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී පැය කීපයක් ඇතුළතදීය. ඉන්දියාවේ, කොරෝනා වයිරසයට බිලිවුණු ළාබාලතම වෛද්‍යවරයා මොහු යැයි ද පැවැසෙයි. අර්නාස් ජුහහිද්, නවදිල්ලියේ ගුරු ටෙග් බහදූර් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකි.

වෛද්‍ය අර්නාස් ජුහහිද් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇත්තේ උගුරේ ආසාදනයක් පැවැතීම හේතුවෙනි. ඔහුට වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණු බවත් හිටිහැටියේ අසාධ්‍ය තත්ත්වයට පත්වුණු ඔහු මියගිය බවත් ප්‍රතිකාර කළ සෙසු වෛද්‍යවරු පවසති.

වෛද්‍ය ජුහහිද් එන්නත් ලබා ගෙන නොසිටි බව ද පැවැසෙයි. ඉන්දීය වෛද්‍යවරුන්ගෙන්, මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ගෙන ඇත්තේ සියයට 3 ක ප්‍රතිශතයක් පමණි.

ඉන්දීය රජය එරට එන්නත්කරණය ආරම්භ කර මේ වනවිට මාස 5 ක් ගතවී ඇති නමුත්, එන්නත් හිඟයක් පවතින බැවින් එම කටයුතු අඩපණ වී ඇත. ගතවුණු මාස 5 ඇතුළත ඉන්දීය සෞඛ්‍ය අංශ සේවකයන් සියයට 66 කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බව ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉන්දියාව මේ වනවිට මුහුණ පා සිටින්නේ, කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලටය. පළමු කොරෝනා රැල්ල හමුවේ මියගිය වෛද්‍යවරුන් ගණන 736 ක් යැයි පැවැසෙයි. ඉන්දියාවේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වූයේ අප්‍රේල් මාසයේය. අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මියගිය වෛද්‍යවරුන් ගණන 244 කි.

මේ අතර, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මැතිවරණ රාජකාරිවල නියැලෙමින්, ඡන්ද මධ්‍යස්ථානවල සේවය කළ ගුරුවරුන් 700 කට වැඩි පිරිසක් ද කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව ඉන්දීය ගුරුසංගම් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසයි.

නවදිල්ලියේදීය (රොයිටර්)



අදහස් (0)

එක් දිනකදී ඉන්දීය වෛද්‍යවරු 50 ක් කොරෝනාට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site