IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උෂ්ණත්වය ඉහළ යෑම මෝදිගේ කනස්සල්ලට

ඉන්දියාවේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ එය ජන ජීවිතය අඩාල කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කනස්සල්ල පළ කර ඇත.

‘රටේ ප්‍රාන්ත සියල්ලේම පාහේ උෂ්ණත්වය වේගෙයන් වැඩිවන බවක් පෙනෙනවා. එය අසාමාන්‍ය වැඩිවීමක්.’ යැයි අග්‍රාමාත්‍ය මෝදි කාලගුණ විද්‍යාඥයන් ලබා දුන් තොරතුරු පාදක කර ගනිමින් ප්‍රාන්ත මහ ඇමැතිවරුන් දැනුවත් කළ බව ද පැවැසෙයි.

ඉන්දියාවේ මැයි සහ ජූනි මාසවල උෂ්ණත්වය අධික ලෙස ඉහළ යයි. කෙසේ නමුත් මෙම 2022 වසරේ උෂ්ණත්වය ඉහළ යෑම ආරම්භ වූයේ මාර්තු මාසයේ සිටය.

මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත 15 කට දැඩි උණුසුම් කාලගුණය බලපෑම් එල්ල කර තිබේ. සෞම්‍ය කාලගුණයකට ප්‍රකට හිමාචල් ප්‍රාන්තයේ ද උෂ්ණත්වය අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. හිමාචල් යනු උතුරු ඉන්දියාවේ ප්‍රාන්තයකි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

උෂ්ණත්වය ඉහළ යෑම මෝදිගේ කනස්සල්ලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site