
අසල්වැසි දකුණු කොරියාවටත්, ජපානයටත් අනතුරක් වන ආකාරයට, උතුරු කොරියාව පෘථිවි කක්ෂයට යැවීමට උත්සහ කළ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව ගුවන්ගත කර මිනිත්තු කීපයකින් මුහුදට කඩා වැටුණි.
මෙම චන්ද්‍රිකාව, උතුරු කොරියානු හමුදාව, ඔවුන්ගේ තාක්ෂණය භාවිතයෙන් නිපදවන ලද්දකි. චන්ද්‍රිකාව රොකට්ටුවක ආධාරයෙන්, පෘථිවි කක්ෂයට යැවීම කළේ උතුරු කොරියාවේ වේලාවෙන් උදෑසන 6.29 යැයි ද පැවැසෙයි.
මුහුදට වැටුණු චන්ද්‍රිකාවේ සුන්බුන් දකුණු කොරියානු වෙරළාරක්ෂක නිලධාරීන්ට හමුවී ඇතැයි විදෙස් පුවත් සේවා පැවැසීය. චන්ද්‍රිකාව ඉදිරි දින 12 ක කාලය ඇතුළත පෘථිවි කක්ෂයට යවන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් නිවේදනය කළේ පසුගිය 28 වැනිදාය.
ඒ සමඟ ජපානයත් දකුණු කොරියාවත් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවය. හේතුව චන්ද්‍රිකාව උඩු ගුවනට ගෙන යන රොකට්ටුවේ ගමන් මඟ වෙනස් වුවහොත් එය දකුණු කොරියාවට හෝ ජපානයට හෝ කඩා වැටීමට ඉඩ තිබුණු බැවිනි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මතක් වෙනවා මහින්දගේ පොඩි කෙනාගේ චන්ද්‍රිකාව... ඒක එයා ඇරියේ නැහැ ගිල්ලා..!