IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් සම්බාධක

උතුරු කොරියානු රජයේ ඉහළ ප්‍රධානීන් පස් දෙනකුට එරෙහිව සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.

සම්බාධක පනවමින්, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, උතුරු කොරියාව පසුගිය දා සිදු කළ මිසයිල අත්හදා බැලීමට විරෝධය පළ කරමින් එසේ සම්බාධක පමුණුවන බවය.

උතුරු කොරියාව නව මිසයිලයක් අත්හදා බැලුවේ පෙරේදා (11) ය. එය තවත් හයිපර් සොනික් වර්ගයේ වේගවත්, දිගු දුර මිසයිලයක් බවත්, මිසයිල අත්හදා බැලීම සාර්ථක වූ බවත් උතුරු කොරියාව පවසයි.

මෙය උතුරු කොරියාවේ තෙවැනි හයිපර් සොනික් මිසයිල අත්හදා බැලීම වන අතර මෙම 2022 වසරේ සිදු කළ දෙවැනි හයිපර් සොනික් මිසයිල අත්හදා බැලීම ද වෙයි. මීට පෙර මිසයිල අත්හදා බැලීම සිදුවූයේ පසුගිය ජනවාරි 5 වැනිදාය.

හයිපර් සොනික් මිසයිල යනු බැලැස්ටික් මිසයිලවලට වඩා ප්‍රබල අවියකි. බැලැස්ටික් මිසයිල යනු එක් මහද්වීපයකින් තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිල වර්ගයක් වන අතර රේඩාර්වලට හසු නොවී ගමන් කළ හැකිය.

හයිපර් සොනික් යනු බැලැස්ටික් මිසයිලවලටත් වඩා රහසේ රේඩාර් මඟහැර යා හැකි ආකාරයේ මිසයිල වර්ගයකි.

උතුරු කොරියාමේ මෙම නවතම හයිපර් සොනික් මිසයිල අත්හදා බැලීම පිළිබඳ තමන් ද විමසිල්ලෙන් පසුවුණු බව අසල්වැසි දකුණු කොරියාව පමණක් නොව, ජපානය ද පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් සම්බාධක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 688 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site