IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උතුරු කොරියාව දකුණට මිසයිල යවයි

උතුරු කොරියාව කෙටි දුර බලැස්ටික් මිසයිල කීපයක් දකුණු කොරියාව දෙසට එල්ල කළේය. මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත.

උතුරු කොරියාව, දකුණු කොරියාවට මෙසේ මිසයිල ප්‍රහාර එල්ල කළේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් දකුණු කොරියාවේ සංචාරයකට පැමිණීමත් සමඟය.

පසුගිය දා දකුණු කොරියාව සහ ඇමෙරිකාව දින 11 ක් තිස්සේ යුද අභ්‍යාසයක් ද පැවැත්විණි. මෙය ද උතුරු කොරියාවේ දැඩි විරෝධයට හේතුවක් විය.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව වශයෙන් බෙදී වෙන් වී සිටින්නේ එකම ජාතියකි. කොරියාව උතුරු සහ දකුණු කොරියාව ලෙස බෙදී වෙන් වූයේ කොරියන් යුද්ධයෙන් පසුවය. දකුණු කොරියාවට ඇමෙරිකාවේ සහාය හිමිවන අතර, ඇමෙරිකන් සෙබළු 27,000 ක් දකුණු කොරියාවේ රැඳී සිටිති.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියේ, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් ද සමඟ ප්‍රජාතන්ත්‍රවාද සඳහා සමුළුවට සහභාගීවීමටය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

උතුරු කොරියාව දකුණට මිසයිල යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site