IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඊශ්‍රායල - හමාස් අර්බුදය: තීරණාත්මක ඡන්ද විමසුමක්

ඊශ්‍රායල-හමාස් යුද්ධය, ලෝක සාමයට බරපතල තර්ජනයක් බව පෙන්වා දෙමින්, ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරමින්, වහාම සටන් විරාමයක් ආරම්භ කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව සම්මත කර ගැනීමට නම්, ඊට පක්ෂව ඡන්ද 9 ක් හිමිවිය යුතුය.

මීට පෙර, යෝජනාවලදී, ඊශ්‍රායලයට සහාය පළ කළ ඊශ්‍රායල හිතවාදී ඇමෙරිකාව, ප්‍රංශය සහ බි්‍රතාන්‍යය ඔවුන්ගේ නිෂේධ බලය භාවිත කිරීමෙන් වැළැකී සිටිය යුතුය.

කෙසේ නමුත් මීට පෙර ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුණු යෝජනා මෙන් නොව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි.

ජගත් මහ ලේකම්වරයා යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තිය යටතේ, ඔහුට හිමි බලතල අනුවය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස අන්තෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තිය යටතේ කටයුතු කළ පළමු අවස්ථාව මෙයයි.

ඊශ්‍රායල හමාස් සටන් විරාමය අවසන් වීමෙන් පසු, සතියකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි. මේ වනවිට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 17,000 පසු කර තිබේ.



අදහස් (0)

ඊශ්‍රායල - හමාස් අර්බුදය: තීරණාත්මක ඡන්ද විමසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site