
ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, පලස්තීන දරුවන් 17,000 ක් මියගොස් ඇති බවත්, ඔවුන්ගෙන් 2,100 ක් අලුත උපන් බිලිඳන් බවත් ජිනීවා නුවර කේන්ද්‍රකොටගත් මානව හිමිකම් සුරැකීමේ ‘යූරෝ මෙඩ් මොනිටර්’ රාජ්‍ය නොවන සංවිධානය පවසයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිටය. එම ප්‍රහාරයට මුල් වූයේ හමාස් සටන්කාමීන් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයයි.
පසුගිය දා ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල ක ප්‍රහාරයකින්, දින හතරක් වයසැති නිවුන් දරුවෝ දෙදෙනෙක් මියගියහ. දරුවන් දෙදෙනාට අමතරව, එම ගුවන් ප්‍රහාරයෙන්, දරුවන්ගේ මව සහ මිත්තණිය ද ජීවිතක්ෂයට පත්වූහ.
මියගිය එම නිවුන් දරුවන්ගේ පියා, දරු දෙදෙනාගේ උප්පැන්න සහතික ලියාපදිංචි කිරීම සඳහා පළාත් පාලන කාර්යාලයට ගිය අතරතුරදී එම ගුවන් ප්‍රහාරය එල්ල වූ බව ද පැවැසෙයි. මෙය මුළු ලොවම කම්පාවට ලක් කළ සිදුවීමක් විය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
තවත් මොනවා බලාගෙන ඉන්නවද .පුළුවන් හැටියට ගහපියව්. නැතිවෙන්න දෙයක් තවත් තියනවද නුඹට