
ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ වගකීම බාරගෙන, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු වහාම ධුරයෙන් ඉවත් විය යුතු බව එරට විපක්ෂ නායක යාර් ලුපිඞ් පවසයි.
ඊශ්‍රායලයට හමාස් ත්‍රස්තවාදීන් දේශසීමා හරහා පහර දුන්නේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය. එය ඊශ්‍රායලයේ මොසාඞ් බුද්ධි අංශය ඇතුළු සෙසු බුද්ධි අංශවලටත් ආරක්ෂක අංශවලටත් එල්ල වුණු අතුල් පහරක් ලෙස සැලකෙයි. ‘මොසාඞ්’ යනු ලොව අති දක්ෂ බුද්ධි අංශයකි.
මොසාඞ් ඇතුළු ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ දුර්වල වූයේ අග්‍රාමාත්‍ය නෙනද්යාහුගේ පරිපාලනයේ දුර්වලතා නිසා යැයි එම හමාස් ප්‍රහාරයේ වගකීම ඔහුට ද දැරීමට සිදුවනු ඇති බවත් විපක්ෂ නායක ලුපිඞ් පෙන්වා දී තිබේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ද තමන් සූදානම් බව ලුපිඞ් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊශ්‍රායල අගමැතිට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම්